Latestදේශීය

රාහුල හිමි අගමැති අමතයි

ජාතික නාමල් උයන 31 වන සංවත්සරය නිමිත්තෙන් පසුගියදා අරලියගහ මැදුරේදී  සංවිධානය කර තිබුනු උත්සවයට ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වී තිබුනු අතර බුද්ධශාසන අමාත්‍ය අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් මෙසේ ප්‍රකාශ කළා.  

මාව ට්‍රාන්සර් කරන්නත් බෑ. මාව රාජපන්තක කරන්නත් බැහැ. මම ඒ නිසා බයත් නෑ කාටවත් .

මධ්‍යම සංස්කෘතික අරමුදලේ දැන් ඉන්න ලේකම් තුමා, මම දන්නේ නැහැ එතුමා විෂයපථය දන්නවා ද කියලා. ලේකම් තුමා සලකන්නේ එක එක තනතුරු රැකගන්න. එක එක ලොකු ලොකු පන්සල් වලට.

අගමැති තුමා මං මේ කියන ඒවා හොදට මතක තියාගන්න. කුඩම්මගෙ සැලකිලි තමයි කරන්නේ ලේකම්තුමා. මම ගත්ත කෙන්ගෙඩියක් නෑ. මට එයාට කරන්න පුලුවන් දෙයකුත් නෑ. මම ඔබතුමාට කියන්නෙ, දඹුල්ල සීගිරියට ඇවිල්ලා යනවා බස් පිටින්. නාමල් උයනට ගොඩවෙන්නේ නෑ. මොකද මම තිත්ත කතාවෙන් කියනවානේ. මේවා අඩුපාඩු. මේවා කවුරුත් කියන්නේ නැහැ. ඕකේ සර්, යර්ස් සර් කියන එකනේ අපේ රටේ නිළධාරී ඔක්කොම කරන්නේ. මම ඒක කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. අවසානයේ ඔබතුමාට තමයි මිනිස්සු ජාතිය අමතන්නේ.

අපේ රටේ ජාතික උරුමයන් අයිති මේ සිංහල බෞද්ධ කියන උන්ට විතරක් නෙමෙයි. අපේ රටේ මුස්ලිම් දෙමළ හැම කෙනාටම අයිති දේවල් කියන හැගීම ඉස්සල්ලම ඇති කරන්න ඕනි. ආමි එකෙන් ගිහිල්ලා ඕවා ආරක්ෂා කරලා ඊලගට අවුරුදු පහෙන් ආන්ඩුව වෙනස් වෙනකොට මොකද වෙන්නේ. කෙලවෙලා යයි. ඔය මුහුණුපොතේ මම ඒවා මේවා දානකොට ඔය කඩප්පුලි එවුන් ඒවා මේවා කියනවා හරියට. මං ඉතිං තොගෙ අම්මටත් කියලා කියනවා සමහර වෙලාවට. ඔව් බැරිම තැන.

අගමැතිතුමා, රටේ මිනිස්සුන්ටනම් ටිකක් අමාරුයි. ටිකක් නෙමෙයි බොහොම. මම කියන්නේ ඔබතුමාගෙන් මම ඉල්ලන්නේ මේ වෙලාවේ, ජාතියේ නාමයෙන්, සර්වපාක්ෂික සමුළුවක් කැදවලා, සියලුම ආගමික නායකයෝ, සියලුම දේශපාලන පක්ෂ නායකයෝ කැදවලා වට මේසයක් තියලා, මේ ආර්ථිකය වැටිලා තියෙන දේට විසදුමක් හොයා ගන්න වැඩපිළිවෙලක් හදන්න.

දැන් ඔය ජනාධිපතිතුමාගේ උපදේශක මොකක්ද එකක් තියෙනවානේ හාමුදුරුවරු එක්වෙලා, ඒ ගොල්ලෝ කතා කරන්නේ ගිහිල්ලා ජනාධිපතිතුමාට සුදුහුනු ගාලා මේ අපේ ගොඩනැගිල්ල හදාගන්න, මට වාහනය හදාගන්න, ඕවනේ කතාකරන්නේ මේ යක්කු ඇවිදින්. එකෙක්වත් කතා කරන්නේ නෑ, මේ රටේ මිනිස්සුන්ට කන්න නෑ, දෙයියනේ මෙන්න මේවා මෙහෙම කරපියව් කියලා.

මං මේ කියන්නේ ඇත්ත. මොනවද ගිහින් කියන්නේ ඔය බෞද්ධ උපදේශක සභාවෙන් කරපු කෙංගෙඩිය. සමාවෙන්න ඕනා කාගෙහරි හිත රිදුනනම්. හැබැයි  තොප්පිය හරිනං දාගන්න. ඒකෙ මට ගැටලුවකුත් නෑ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?