Latestදේශීය

සර්වපාක්ෂික සමුළුව කියන ප්‍රෝඩාවට ජාතික ජන බලවේගය නැහැ – අනුර කුමාර දිසානායක

ආන්ඩුවේ අමාත්‍යවරු දෙදෙනෙක් ඉවත්වීම හරහා ඇතිවී ඇති ආන්ඩුවේ අර්බුධයට විසදුම් ලෙස ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිවූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ගෙන එනු ලබන සර්ව පාක්ෂික සමුළුවට ජාතික ජන බලවේගය සහභාගි නොවන බව නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ආන්ඩුවේ අර්බුධවලට විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොහොට්ටු දේශපාලන අර්බුධවලට විසදුම් ලෙස විනා ආර්ථික අර්බුධයට විසදුම් ලෙස මෙම සර්ව පාක්ෂික සමුළුව යෝජනා නොවුනු බව අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පවසනවා.

දිසානායක මහතා මෙම අදහස් ඵල කළේ ජාතික ජන බලවේගය සංවිධානය කර තිබුනු මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

අපි දන්නවා අපේ රටේ ඉතිහාසය පුරා සර්ව පාක්ෂික සමුළු විශාල සංඛ්‍යාවක් කැදවා තිබෙනවා. පහුගිය කාලේ කොවිඩ් වසංගතය ඔයවැනි සමුළුවක් කැදෙව්වා, එක් එක් දේශපාලන ව්‍යාපාර ගිහිල්ලා එක් එක් අදහස් ඉදිරිපත් කළා. ආන්ඩුව සුපුරුදු පරිදි තමන් හදාගත් න්‍යායපත්‍රයේ තමන් හදාගත් දේශපාලන ගමන් මගේ ගියා. ඒ නිසා ඒක සර්ව පාක්ෂික සමුළුවක් නෙමෙයි එක් එක් පක්ෂ තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන ලද විලාප සමුළුවක් බවට පත්වෙලා අවසන් වුනා. ඒවා නිකං ආන්ඩුව තමන්ගේ විනාශකාරී ගමන්මග තීන්දුව සාධාරණීකරණය කිරීම සදහා තවරන ලද අයිසින් විතරයි.

සර්ව පාක්ෂික සමුළුවේ ආර්ථිකයනම් අපි කතා කරන්නේ, රටේ ආර්ථිකයේ සැබෑ ගැඹුර, පළල රටට ඉදිරිපත් කළ යුතුයි.

පාර්ලිමේන්තුවේ අපි අවස්ථා ගණනාවකදී ඉදිරිපත් කළා, පහුගිය පෙබරවාරි මාසේ 25 වෙනිදා, ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල විසින් ලංකාවේ ආර්ථීකය පිළිබද සමාලෝචන වාර්ථාවක් ඉදිරිපත් කරලා තියෙනවා, ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. නමුත් කිසිම තොරතුරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා කැහැ. ඒ වගේම පහුගිය දෙසැම්බර් මාසේ විදෙස් සංචිත ඩොලර් බිලියන 3.1ක දක්වා වර්ධනය වුනා කියලා කිවුවා. කියලා කබ්රාල් කියනවා ඒ වර්ධනය වූ ආකාරය පැහැදිලි කරන්න බෑ රහසක් කියලා. එතකොට කබ්රාල් ලග තබා ගන්න රහසක් බවට පත්වෙලා තියෙනවා.

ඒ වගේම පහුගිය කාලේ විවිධ සොෆ්ට් ලෝන් ගනු ලැබුවා, අතමාරු ගනු ලැබුවා බංගලාදේශයෙන්, ඉන්දියාවෙන්, චීනයෙන්.

මේ අතමාරු වල පොලී අනුපාතිකයන්, ඒවා ගෙවන්නේ කවදාද, කල් පිරෙන්නේ කවදාද කියලා අපිවත් මේරටේ ජනතාවවත් කවුරුවත් දන්නේ නැහැ.

ඒ වගේම ඔයගොල්ලො දන්නවා දැන් ඉන්දියාවත් එක්ක ඩොලර් බිලියනයක ණය මුදලක් ගැනීමට එකගතාවයකට ඇවිල්ලා තිබෙනවා. ඒ එකගතාවය ලබා ගැනිම වෙනුවෙන් ඊට පෙර තෙල්ටැංකි සංකීර්ණය ඉන්දියානු සමාගම් වෙත පවරා දෙනු ලැබුවා. ඒ වගේම පුනරීන්වල සූරියබල ව්‍යාපෘතියක් සදහා ඉඩම් ආදානි සමාගමට දුන්නා. සාම්පූර්වල දුන්නා. උතුරේ දූපත්වල සූර්යබල බලාගාර ඉදිකිරීම සදහා ඉන්දීයාවට ලබා දෙන බව වාර්තා වි තිබෙනවා. ඒ වගේම බටහිර ජැටිය ආදානිට දුන්නා. එතකොට මේ ලබාගත්ත ණය මුදල සහ මේ අපේ රටේ සම්පත් විකිණීම අතර තියෙන සම්බන්ධය අපි දන්නේ නැහැ. ඒ නිසා රටේ සියලු ආර්ථික තොරතුරු ක්‍රියාමාර්ග සියල්ල වසන් කරලා, සර්වපාක්ෂික සමුළුවකට ආරාධනා කිරීම කිසිසේත්ම ඵලදායී ව්‍යාපෘතියක් බවට පත්වන්නේ නැහැ.

ඒ වගේම දැන් මේ අර්බුධය වර්ධනය වී පුපුරා ගොස් තිබෙන්නේ. මෙවැනි සාකච්ඡාවක අවශ්‍යාතාවය අපි අවධාරණය කළේ මීට අවුරුදු එකහමාරකට කලින්.

එම මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අදහස් පහතින්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?