Latestදේශීය

විදුලිය ලැබෙන්නේ පැය 11ක් පමණයි

හෙට සිට රට පුරා බො‌හෝ ප්‍රදේශ වලට පැය 13ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව මේ දක්වා පැය 10ක උපරිමයකට යටත්ව සිදුකල විදුලි කප්පාදුව හෙට සිට පැය 13ක් දක්වා වැඩි කරනු ඇත. මහජන උපයෝගිතා කොමිසම මෙම විදුලි කප්පාදුවට අනුමැතිය ලබා දී ඇත.

මෙම තත්ත්වය තුළ පහත සදහන් අන්දමට විදුලි කප්පාදුව සිදුවනු ඇත. එනම් එම කලාපවලට දිනකට විදුලිය ලැබෙන්නේ දිනකට පැය 11ක් පමණි.

ABCDEF කලාප
අලුයම 3 සිට අලුයම 6 දක්වා කාලය තුළදී පැය තුනක්
මධ්‍යහන 12 සිට පස්වරු 4 දක්වා පැය 4ක්
පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක්

GHIJKL කලාප
මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 3 දක්වා පැය 3 ක්
උදෑසන 8සිට මධ්‍යහන 12 දක්වා පැය 4ක්
පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක්

PQRS කලාප
අලුයම 3 සිට අලුයම 6 දක්වා කාලය තුළදී පැය 3ක්
මධ්‍යහන 12 සිට පස්වරු 4 දක්වා පැය 4ක්
පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක්

TUVW කලාප
මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 3 දක්වා පැය 3 ක්
උදෑසන 8 සිට මධ්‍යහන 12 දක්වා පැය 4ක්
පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක්

MNOXYZ යන කලාප
අලුයම 5.30 සිට උදෑසන 9 දක්වා පැය 3යි මිනිත්තු 30ක්
පස්වරු 4 සිට 6 දක්වා කාලය තුළදී පැය 2ක්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?