Latestදේශීය

මේ ක්‍රමයම දූෂිතයි, ජනතාව අළුත් ආරම්භයක් ගන්න – කාදිනල් හිමි

කාලයක් තිස්සේ ජනතාව පෙලමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැන කිසිදු තැකීමක් නොකර මහජනතාවගේ පීඩාවට සහ වේදනාවට සවන් නොදී රජය ගෙන යන අදූරදර්ශී, අසංවේදී සහ ආත්මාර්ථකාමී පාලනය හෙලා දකින බව මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.

ඊයේ මිරිහාන දී සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබද කරුණු දක්වමින් මාධ්‍ය හමුවක් පවත්වමින් එතුමන් මෙම අදහස් පල කළා.

මෙයට පෙර කිසිදු අවස්ථාවක නොවූ විරූ අයුරින් ජනතාව බඩගින්නට සහ වේදනාවට පත්ව ඇති බවත් ඒ ජනතාව සමග කතෝලිකයන් ලෙස තමන් ඇතුළු කතෝලික සභාව එකට හිටගන්නා බවත් කාදිනල් හිමියන් වැඩිදුරටත් පවසනවා.

වත්මන් අවාසනාවන්ත තත්වය හමුවේ පවා දූෂණය, අල්ලස් ගැනීම සහ කොමිස් ගැනීම දිගින් දිගටම සිදුවන බවත් කිසිවෙකුට දැනුවත් නොකර ජනතා දේපල සහ ජාතික සම්පත් විකුණා දමමින් දේශපාලනඥයින් අසාධාරණ ධනයක් උපයමින් සිටින බවත් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පෙන්වා දෙනවා.

මහබැංකුව සහ ආර්ථික ව්‍යූහය තුළ අත්තනෝමතික පාලනයක් ඇති බව පෙනීයන බව පවසන කාදිනල් හිමි මෙම තත්වය තුළ ඇතිවී තිබෙන ජනතා පීඩනයන් සම්බන්ධයෙන් වගකීම් සහගත ලෙස කටයුතු කරන්නට පාලකයන් ක්‍රියා කළ යුතු බව ද පවසනවා.

එසේ නොකර ජනතා අරගල අන්තවාදී ක්‍රියාවන් ලෙස සහ කඩාකප්පල්කාරී ක්‍රියාවන් ලෙස අර්ථදැක්වීමට උත්සාහ දැරීමෙන් ජනතාවගේ පීඩාවන් තවත් උග්‍ර කරනු ඇති බව අවධාරණය කරන කාදිනල් හිමියන් පාලකයන් අවංකව මෙන්ම සැබෑ ජාත්‍යාලයෙන් රටට සේවය කිරීමට පාලකයන් ක්‍රියා කළ යුතු බව ද පවසනවා.

මාරුවෙන් මාරුවට රටේ බලයට පත් වන දේශපාලනඥයින් කවුරුන් විසින් කාට හෝ දූෂණය හේතුවෙන් සහ වංචාව හේතුවෙන් දඩුවම් කර ඇත් ද යන්න ප්‍රශ්ණ කරන කාදිනල් හිමියන් නව ආරම්භයක් වෙනුවෙන් ජනතාව පෙළ ගැසිය යූතු බව ද අවධාරණය කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?