Latestදේශීය

අරගලය මර්ධනයට හමුදා පුහුණුවීම් සිදුකරන්නේ ඇයි? දුමින්ද නාගමුව ප්‍රශ්ණ කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගෝල්ෆේස් පිටිය ගෝටා ගෝ ගම නමින් ගම්මානයක් ඉදිකරමින් ජනතාව සතියකට අධික කාලයක් අඛණ්ඩව අරගලයක නිරථව සිටින වටපිටාවක එම උද්ඝෝෂණය පිළිබද නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින ආන්ඩුව දැන් අළුත් සෙල්ලමක් කිරීමට සූදානම් වන බව දුමින්ද නාගමුව මහතා පවසනවා.

කඩවත කමාන්ඩෝ රෙජිමේන්තුවේ විශේෂ පුහුණු වීමක් හරහා අරගලය මර්ධනය කරන්න සැලසුමක් ක්‍රියාත්මක වන බව වීඩියෝ දර්ශණ ඉදිරිපත් කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා ආන්ඩුව මේ එන්න හදන්නේ කුමන ක්‍රියාදාමයකටදැයි ප්‍රශ්ණකර සිටියා.

ඩොලර් මිලියන 500 ණය වාරිකය ගෙවා දමන්නට පසුගිය කාලයේ ආන්ඩුව තීරණය කළ විට එම‌ ගෙවීම සිදු නොකරන ලෙස තමන් ආන්ඩුවට බල කර සිටි නමුත් එවකට මහබැංකු අධිපතිවරයා පන්ඩිත කතා කියමින් අපිට ඩොලර් ගෙවීම සම්බන්ධයෙන් ගැටලු නැති බව පැවසූ බවත් දැන් සිදුවී ඇත්තේ ඩොලර් මිලියන 10 ණය පවා ගන්නා තත්වයට රට අසරණභාවටය පත් කිරීම පමණක් බවත් පැවසුවා.

ජනවාරි මාසයේ ගෙවන්න තිබුනු බැදුම්කරය හරහා ආන්ඩුවේ අය තම සාක්කු පුරවා ගත් බවත්, ඒ නිසා ණය වාරිකය වූ ඩොලර් මිලියන 500 ගෙවන්න ආන්ඩුව ක්‍රියාකළ බවත් නාගමුව මහතා මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළා.

ඉන්දියාව ඩොලර් බිලියන 2ක ආධාරයක් අප රටට ලබා දීමට එකගවී ඇති නමුත් ඒ හරහා ත්‍රිකුණාමල තෙල් ටැංකි, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපොල, මත්තල ගුවන්තොටුපොල, නැගෙනහිර ජැටිය වැනි රටේ සම්පත් එකක් හෝ කිහිපයක් ඉන්දියාවට පවරාගැනීමේ අනතුර මෙම ඩොලර් බිලියන 2 හරහා ක්‍රියාත්මක වන බව ඔහු අවධාරණය කරනවා.

රාජපක්ෂවරුන්ට පාරවල් දිගේ බනින්නේ කුණුහරුපයෙන් බවත් උද්ඝෝෂණය හරහා ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂවරු ගෙදර යා යූතු බවත්, ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බවත්, විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතු බවත්, 225ම ප්‍රතික්ෂේප කිරීම බවත් පැවසූ නාගමුව මහතා සිහියක් තියෙනවා නම් මහින්දලාට මේ කාරණය අවබෝධ විය යුතු බවත් අවධාරණය කරනවා. එමනිසා ජනාධිපති, අගමැති තවදුරටත් එම තනතුරු වල හිදිමින් අනිත් රාජපක්ෂවරු ඉල්ලා අස්වීමට ගන්නා අසාර්ථක උත්සාහය අනිවාර්යයෙන්ම පරාජය කරන්න තමන් ක්‍රියාකරන බවත් වැඩිදුරටත් පැවසුවා.  

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?