Latestදේශීය

ජනවාරි 01 සිට බඩුමිළ සීග්‍රයෙන් ඉහළට – ධනනාත් ප්‍රනාන්දු

වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ ජනවාරි 01 සිට භාණ්ඩ හා සේවා රැසක මිල ගණන් ඉහළ යන බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.

ඒ අනුව මෙතෙක් වැට් බද්ද අදාළ නොවූ නමුත් අලුතින් පනවන ලද භාණ්ඩ හා සේවාවල මිල 18%කින් පමණ ඉහළ යනු ඇති බවත්, වැට් බද්ද පැවතුණ භාණ්ඩ හා සේවා මිල දල වශයෙන් 3%කින් පමණ වැඩි වනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

ජනවාරි 01 සිට පෙට්‍රල් හා ඩීසල් මිලද සාපේක්ෂව 18%කට ආසන්න ප්‍රමාණයකින් වැඩිවීමට නියමිත බවත් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමත් සමඟ ආර්ථිකය හැකිලීමට හැකියාවක් ඇති බවත් ඔහු සඳහන් කරයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?