Latestදේශීය

ඖෂධ නියාමන අධිකාරියට දේශපාලන බලපෑම්

අගමැති රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත සිදුකරන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් ලංකාවේ වෛද්‍ය පීඨ ආචාර්යවරු සහ විශේෂඥ වෛද්‍යවරු සිය විරෝධය පළ කරති.

අගමැතිවරයා මෙන්ම සෞඛ්‍ය ඇමතිවරයා මේ වනවිට ක්‍රියාකරන්නේ ආනයනය කරන වෛද්‍ය සැපයුම්, විශේෂයෙන් දැනට හිගයක් පවතින ඖෂධ ගෙන්වා ගැනීමේදී ඖෂධ නියාමනය අවලංගුකර කෙළින්ම වෙළඳපොළේ ඇති ඖෂධ රෝහල් වෙත සපයා දීමටය. කෙසේවෙතත්, මෙරට දශක ගණනක් ක්‍රියාත්මක වූ ‘සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය’ පදනම් කරගත් ඖෂධ සැපයුම් පිළිවෙතකි.

ඒ වෙනුවට විවෘත වෙළඳපොළින් අවශ්‍ය ආකාරයට ඖෂධ මිලදී ගැනීම තුළින් දැනට පවතින හිගය අවසන් කරන්නට ආණ්ඩුව සූදානම්වන බවක් ප්‍රකාශිතය. මේ සඳහා පවතින නීති පවා සංශෝධනය කර වඩා ලිහිල් ඖෂධ නියාමනයකට යාමට අගමැතිවරයා මෙන්ම සෞඛ්‍ය ඇමතිවරයා ගන්නා උත්සාහයක් ඇත. මේ නිසා වෛද්‍ය සේවා ලබාගන්නට පැමිණෙන රෝගී ජනතාවගේ ජීවිත අවදානමක හෙළීමක් සිදුවනු ඇත.

දැනට ඖෂධ හිගයක් ඇතිව තිබෙන බැවින් මෙවැනි හදිසි පියවර ගැනීඹට යන බව පෙන්වා වෙනත් අරමුණු ඉටුකරගැනීමට පාලකයන් සූදානම් වේ.

මේ දක්වා ගැටලු මධ්‍යයේ වුවද ජනතාවට සේවා සැලසූ මහජන සෞඛ්‍ය සේවයට අයත් ඖෂධ සැපයුම් අඩාල වී ඇත්තේ පාලකයන් විසින් කළ වැරදි ආර්ථික කලමනාකරණය නිසාය. නමුත් දැන් මහජන සෞඛ්‍ය සේවය ගැන නොතකා සිල්ලර වෙළඳසැලකින් මිලදී ගන්නා ආකාරයට ඖෂධ මිලයට ගැනීමට සූදානම්වීම බිහිසුණු තත්වයකි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත සිදුකරන බලපෑම් නිසා එම අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය සවින් සේමගේ ඉල්ලා අස්වීමට තීරණයකර ඇත.

Lanka Views

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?