Latestදේශීය

මහජනතාවට බාධා කළොත් ඉවසන්නේ නැහැ – ජනක රත්නායක

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මහජනතාවට බාධා ඇති වුවහොත් ,මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඉවසන්නේ නැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය .

ඒ මහතා මේ බව පවසා සිටියේ,   (09)පැවති මාධ්‍ය හමුවකදී ය.

 (09) උදෑසන 5.30 පමණ ලංකාවේ ප්‍රදේශ රැසක විදුලි කප්පාදුවක් සිදු වූ බවට වාර්තා ලැබුණු බව කී සභාපතිවරයා,ඒ ලැබුණු තොරතුරුවලට අනුව කොළඹ,නුවර ,ගම්පහ ,පිළියන්දල, ගාල්ල වැනි ප්‍රදේශයන්වල පාන්දර 4.00 සිට උදෑසන 8.00 දක්වා විදුලිය විසන්ධි වීමක් සිදුවී ඇති බව වාර්තා වූ බවද පැවසීය.

විදුලි සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් කර ඇති මොහොතක වෘත්තීය සමිතිවලට මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාවක් නැමැති බවත් එවැනි ක්‍රියමාර්ග ගන්නේ නම් එය නීතියට පටහැනි බවත් කී සභාපතිවරයා ,විදුලි කප්පාදුව සිදුවන අකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව මීට සතියකට පෙර නිර්දේශ ලබා දී ඇති බවත් ඊයේ (09) පැය 02 විනාඩි 15ක විදුලි කප්පාදුවක් කිරීමට නිර්දේශ ලබා දී ඇති බවත් ඊට අමතරව සිදුවන විදුලි කප්පාදු නීතිමය තත්ත්වයෙන් බැහැරව සිදු වන විදුලි කප්පාදු ලෙස සැලකිය හැකි බවද කිවේය.

එසේම රන්දෙණිගල ,රන්ටැඹේ ,සේනානායක සමුද්‍රය යන ජලාශ වලින් නිපදවන විදුලිය ඊයේ (09) පාන්දර 2.00 වන විට ඉබේම නැවතීමට ඉංජිනේරුවරු ක්‍රියාමාර්ග සකස් කර ඇති බව කී සභාපතිවරයා ,ඒවා නැවත යථා තත්ත්වයට පත්කිරීමට උදෑසන 8.00 , 9.00 වන තෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද පැවසු අතර මේ සම්බන්ධව වාරි මාර්ග දේපාර්තමේන්තුවෙන් ලිඛිතව පැමිණිල්ලක් ලැබි ඇති බවද කීය.

විශේෂයෙන් ගොවි බිම් ඇති ප්‍රදේශවල විදුලිය විසන්ධි විමක් සිදුවනවා නම් ,විදුලි බල මණ්ඩලය සහ වාරි මාර්ග දේපාර්තමේන්තුව අතර ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ඇතැයි කී සභාපතිවරයා , ඊයේ උදෑසන මෙම විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවරු එවැනි ක්‍රියා මාර්ග ගෙන නොමැතිව රන්දෙණිගල ,රන්ටැඹේ ජලාශ අක්‍රිය කර ඇති බව පවසුවේය.

මේ හේතුවෙන් අක්කර 150,000කට පමණ අවශ්‍ය ජලය ලැබි නැතැයි කී සභාපතිවරයා ,ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගිකයන්ගේ පමණක් නොව ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවගේ තමන්ගේ ගොවිබිම් වලට අවශ්‍ය ජලයද නැති වී ඇති බවද පැවසීය .

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට කිසිසේත් විරුද්ධ නොවන බවත් ඒවා ගත යුත්තේ කිසිම පාරිභෝගිකයෙකුට, මහජනතාවට අපහසුතාවයන් නොවන අයුරින් බව කී සභාපතිවරයා ,විදුලිය විසන්ධි කිරීමට රට අඳුරේ තැබීමට විදුලිබල මණ්ඩලයට හෝ එහි ඉංජිනේරුවරුන්ට කිසිදු අයිතියක් නොමැති බවද කීවේය.

වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා විට විදුලිය විසන්ධි නොකර ගත යුතු බවත් මෙහි ඇති ඉල්ලීම් 60% ක් 70%ක් පමණ සාධාරණ ඉල්ලීම් බවද පවසූ ජනක රත්නායක මහතා,එක් එක් සමාගම් නීතියට පටහැනිව ගිවිසුම් ගත වුවත් බල පත්‍රය ලබා දීම පිළිබඳව අවසාන තීරණය ගනු ලබන්නේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව බවත් ඒ නිසා රටට අවාසිදායක වන කිසිදු ගිවිසුමට ඉඩ නොතබන බවද කීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?