Latestදේශීය

දැවැන්ත ජනතා නැගිටීමක් එනවා, අකුලගෙන යන්න ලෑස්ති වෙලා ඉන්න – දුමින්ද නාගමුව

තෙල් පෝලිමේ සිටි තරුණයෙකුට ෆුට්බෝලයකට ගහනවා වගේ අමානුෂික ලෙස පහරදුන් හමුදා නිළධාරියා සම්බන්ධයෙන් පැය 24ක් තුළ තීරණයක් ගත යුතු බව පෙරටුගාමි සමාජවාදී පක්ෂය පවසනවා. පැය 24ක් තුළ එම නිළධාරියා සම්බන්ධයෙන් තීරණයක් නොගතහොත් මානවහිමිකම් පිළිබදව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග සදහා යොමු වන බව එම පක්ෂය අවධාරණය කරනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා මෙම අදහස් ඵල කළා.

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය අසල ජනාධිපතිවරයාට විරෝධය පලකළ සිවිල් වැසියන්ට හමුදාව යොදවලා එල්ල කළ අනීතික බලපෑම මෙන්ම කන්දකාඩු සිදුවීමේදී එක් පුද්ගලයකු ඝාතනය කරමින් සිදුකළ මානව විරෝධී පහරදීම සම්බන්ධයෙන්ද කරුණු රැසක් තමන් හෙළිදරව්කරගෙන ඇති බව මෙම මාධ්‍ය හමුවේදී නාගමුව මහතා වැඩිදුරටත් පැවසුවා.

මහජන ආරක්ෂක ඇමතිවරයා වන ටිරාන් අලස් මහතා ලංකා බැංකුවට මිලියන 2250ක ණය මුදලක් නොගෙවා පැහැර හැර තිබෙන බවත් එම ණය මුදල ගැනීමේදී තමන්ට අයිති නැති ඉඩමක් තබා  අදාල ණය මුදල දීර්ඝකරගෙන ඇති බවත් පවසන නාගමුව මහතා හැකිනම් එම වංචාකාරයින්ට එරෙහිව තම ශක්තිය පෙන්වන්න යැයි හමුදා නිළධාරින්ට අභියෝග කළා.

මෙහිදී  හමුදා සොල්දාදුවන්ගෙන් ඉල්ලීමක් කරමින් නාගමුව මහතා පැවසුවේ හෙට අනිද්දා ගෙදර යාමට නියමිත ආන්ඩුවේ න්‍යායපත්‍රයන්ට අනුව කටයුතු කර අමාරුවේ නොවැටෙන ලෙසයි.

සාමාන්‍ය හමුදා සෙබලුන්ගේ දරුවන්ට පාසල් යාමට අවස්ථාවක් නැති බවත්, පාසල් සියල්ල අඩපනවී ඇති බවත්, හමුදා සෙබලුන්ගේ තාත්තලා වන ගොවීන්ට වගාකිරීමට පොහොර සහ ඉන්ධන නොමැති බවත්, හමුදා සෙබලුන්ගේ මව්වරුන්ට සහ බිරින්දෑවරුන්ට ගෑස් පෝලිම්වල දින ගණන් කාලය ගතකරන්නට සිදුව ඇති බවත් පැවසූ දුමින්ද නාගමුව මහතා මේ සියලු ප්‍රශ්ණ පොදුවේ හමුදා සෙබලුන්ගේද ප්‍රශ්ණ බවයි.

තව දින කිහිපයකින් දැවැන්ත ජනතා නැගිටීමක් සිදුවන බවත් එම ජනතා නැගිටීම හමුවේ රාජපක්ෂලාට මෙන්ම වික්‍රමසිංහලාට අකුලාගෙන යාමට සිදුවන බවත් නාගමුව මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව පහතින්,

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?