ක්‍රීඩාදේශීය

තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කොවිඩ්

ක්‍රීඩකයින් හතරදෙනකුට කොවිඩ් 19 ආසාදනයවීම නිසා හෙට ගාල්ලේදී ආරම්හවන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා තවත් ක්‍රීඩකයින් ආදේශකිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

වමතින් දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රමට මින්පෙර කොවිඩ් ආසාදනය වී තිබූ අතර බදාදා දින සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂනවලදී පා දඟ පන්දු යවන ජෙෆ්‍රි වැන්ඩසේ, වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනන්ජය ද සිල්වා හට කොවිඩ් ආසාදනය වී ඇතිබව තහවුරුවුන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කලේ. ඔවුන් වෙනුවට ප්‍රභාත් ජයසූරිය, මහීශ් තීක්ශන, ලක්ශාන් සඳකැන් සහ දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට එක්කර තිබෙනවා. ඔවුන් අතරින් දෙදෙනකු පසුගිය තරගය ක්‍රීඩා කල රමේශ් මෙන්ඩිස් හා එක්ව දඟපන්දු බලඇනිය ශක්තිමත් කිරීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?