Latestදේශීය

දෙවන වතාවේ රටයන්න ලැබෙන්නේ ඩොලර් එවන ප්‍රමාණය අනුවයි – මනූෂ නානායක්කාර

විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේදී මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටියදී නිත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිළිබඳ සොයා බලන බවත් සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් ඒවා ඇති අයට පමණක් නැවත විදේශ ගතවීම සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන පරිදි නීති සම්පාදනය කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊශ්‍රායල් රාජ්‍යයේ ගෘහ සාත්තු සේවා රැකියා සඳහා විදේශ ගතවන තරුණියන් පිරිසකට (04) දින කම්කරු අමාත්‍යංශයේදී ගුවන් ටිකට් පත් පිරිනැමූ අවස්ථාවේදීය .

විදේශ රැකියා කර රටට එවන ඩොලර් ප්‍රමාණය අනුව විද්‍යුත් වාහනයක් රැගෙන එම සඳහා ඉදිරියේදී අවස්ථාව ලබාදීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද අමාත්‍ය වරයා පැවසුවේය.තවද ඔවුන්ට ගුවන් තොටුපලේදි භාණ්ඩ මිලදි ගැනිම සඳහා ලබා දෙන බදු සහන ඉහළ දමන බවත්,නිවාස ඉදිකිරීම ස්වයංරැකියා ආරම්භ කිරීම ඇතුඵ අනෙකුත් සහන ලබා දීමේදී රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය අනුව එම සහන ලබාදෙන බවත් අමාත්‍ය වරයා සඳහන් කළේ ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?