Latestදේශීය

ප්‍රමාණවත් දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමේ ගැටළු මතුවෙයි

ප්‍රමාණවත් තරම්  දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ගැටළු මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ප්‍රමාණවත් තරම් දැවිතෙල් නොලැබීම හේතුවෙන්  ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීම සීමාකර ඇති නිසා
දෛනික පැය 3ක කාලයක්  විදුලිය කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය පෙන්වා දෙන්නේ. යුගදනවි, සපුගස්කන්ද හා බාච් යන ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා දෛනික දැවි තෙල් මෙට්‍රික් ටොන් 25 අවශ්‍ය බවත් එහෙත් මේ දිනවල ලැබී ඇත්තේ, දැවිතෙල් මෙට්‍රික් ටොන් 1400 ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් බවත් එම තත්ත්වය තුල බලාගාර ක්‍රියාත්මක කිරීම සීමාවී ඇති බවයි.

විදුලි බල මණ්ඩලය පෙන්වා දෙන්නේ, මෙගාවොට් 2100 ක විදුලි අවශ්‍යතාවය සැපිරීම වෙනුවෙන් මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය 60% උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක අතර ඉන් පද්ධතියට එක්කෙරෙන මෙගවොට් සංඛ්‍යාව 1340 ක් බවත් නොරෙච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් පද්ධතියට එකතුවෙන මෙගාවොට් 600 ත් ප්‍රමාණවත් නොමැති බවයි.

සපුගස්කන්ද පිරිපහදුව යලි  ආරම්භ කර ඇති බැවින් විදුලි නිෂ්පාදනයට අවශ්‍ය දැවි තෙල් කඩිනමින් බලාගාර වෙත ලබාගැනීමට  අපේක්ෂා කරන බව ද විදුලි කප්පාදුවේ කාලය සීමාකිරීම  හා පවතින තත්ත්වය සම්බන්ධයෙන්  සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද  විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?