Latestදේශීය

ගෝඨාභය යලි පැමිණෙයි (Video)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යලි දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ (02) රාත්‍රී 11.45ට පමණ කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් යලි මෙරටට පැමිණ තිබෙනවා.

අප්‍රේල් 09 වනදා සිදුවූ ජනතා නැගිටීමත් සමගම ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට දිගින් දිගටම බරපතල විරෝධයන් එල්ල වූ අතර අරගලයේ නියුතු ජනතාව ගෝල්ෆේස් භූමිය සහ අත්පත් කරගත් අතර ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවන දොරටුවක්ද අත්පත් කරගනු ලැබුවා. එහි උච්චතම අවස්ථාවක් ලෙස ජූලි 09 වනදා අරලියගහ මන්දීරය, ජනාධිපති මන්දීරය මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගැනීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාව කටයුතු කළා.

මේ හේතුවෙන් රටෙන් පිටවගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම ඉල්ලා අස්වීම කතානායකවරයාට එවනු ලැබුවේ විදෙස් රටක සිටයි.

මාස එකහමාරකට අධික කාලයක් රටෙන් පිටව සිටි හිටපු ජනාධිපතිවරයා මෙරටට පැමිණීම හේතුවෙන් ගුවන්තොටුපොල විශේෂ ආරක්ෂාවක් යොදා තිබුනු අතර අමාත්‍යවරු විශාල සංඛ්‍යාවක් ඔහුව රැගෙන යාමට ගුවන්තොටුපොලට පැමිණ තිබුණා.

සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා හට හිටපු ජනාධිපතිවරයකුට හිමි නිල නිවස හෝ වෙනත් වරප්‍රසාද හිමි නොවන බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන අතර වත්මන් රජයේ මැදිහත්වීමෙන් කොළඹ විශේෂ නිල නිවසක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සූදානම් කර ඇති බවට ද වාර්තා වනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?