Latestදේශීය

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි

පහළ වායුගෝලයේ කැළඹිලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ වර්ධනය වීම නිසා දකුණ ,සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්.තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්ත.මේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.

මේ අතර අද රාත්‍රියේ සිට ඉදිරි දින දෙකට අදාළවන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනයට අනුව වැඩිදුරටත් සඳහන් වන්නේ අත්තනගලු, කළු, කැළණි, ගිං, නිල්වලා සහ මහවැලි ද්‍රෝණිවලින් එකක හෝ කිහිපයක ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?