Latestදේශීය

අන්තරය අදත් විරෝධතා ව්‍යාපාරයක් දියත් කරයි

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන අද (18) පැවැත්වීමට නියමිත විරෝධතාවය සදහා මාධ්‍ය ආවරණය ඉල්ලා එහි වැඩබලන කැදවුම්කරු ටෙරන්ස් රොද්‍රිගො මහතා විසින් මාධ්‍ය ආයතන වෙත නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහතින්,

වත්මන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී වැඩපිලිවෙල නිරීක්ෂණයට ආරාධනා කිරීම සඳහා.

දරාගත නොහැකි ආර්ථික පීඩනය හමුවේ මෙරට ජනතාව තම ජීවත් වීමේ අයිතිය ඉල්ලා පසුගිය කාලය තුළ අරගලයක නිරත විය. එම අරගලය ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් ඔබ්බට ගිය දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිදුකළ අරගලයක් බවට පත් විය. එම අරගලය අභිමුව ගෝඨාභය රාජපක්ෂට තම ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වීමට සිදු විය.

ඉන් අනතුරුව ව්‍යවස්ථා කුමන්ත්‍රණ කරමින් ජනාධිපති ධූරය ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ තම පැවැත්ම උදෙසා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ විරෝධතාවය දැක්වීමේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කරමින් සිටී. පසුගිය කාලය පුරාවටම පැවති සාමකාමී විරෝධතා සියල්ල ම්ලේච්ඡ ලෙස මර්දනය කරන ලද්දේ මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කූඩයට තල්ලු කරමිනි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අප එම මර්දනකාරි වැඩපිළිවෙළට එරෙහිව අඛණ්ඩ අරගලයක නිරතව සිටී. හෙට (18) දිනයේ ද මර්දනයට එරෙහිවත්, ජනතාවගේ ආර්ථික ගැටලු වලට විසඳුම් ලබා දෙන ලෙසත් බලකරමින් විරෝධතාවක් කැලණිය විශ්ව විද්‍යාලයේ සිට ආරම්භ කිරීමට නියමිතව ඇත. නමුත් ආණ්ඩුවේ නිවට මර්දනකාරි වැඩ පිළිවෙල හෙට දිනයේ දිනයේ ද ක්‍රියාත්මක විය හැක. එම නිසා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කලාපය නිරීක්ෂණය කිරීම සඳහා මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ඔබට/ඔබ සංවිධානයට හෙට දිනයේ පැවැත්වෙන විරෝධතාවය නිරීක්ෂණය කිරීම සඳහා සම්බන්ධ කර ගැනීම අප අදහසයි. ඒ සඳහා පස්වරු 01ට කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණෙන ලෙස ඔබට ඔබ සංවිධානයට ආරාධනා කර සිටිමු.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?