Latestදේශීය

කෙහෙළියට ‌එරෙහි නඩුව දෙසැ 09 වනදා

වත්මන් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට එහෙිව එල්ල වී තිබේ මූල්‍ය දූෂණ නඩුවේ ”පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” දෙසැම්බර් මස 09 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (03) තීරණය කර තිබේ.

තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද සිදුකළ බවට ඔවුන්ට අල්ලස් කොමිසම විසින් චෝදනා ගොනු කර ඇත.

පසුගිය 2010 වසරේ නොවැම්බර් 22 දින සිට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමති වශයෙන් සේවයේ යෙදී සිටි පළමු විත්තිකරු කෙහෙළිය රඹුක්වැල්ල තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තුව වූ රුපියග් 44,000ක සීමාව ඉක්මවමින් 2012 මාර්තු මස 15 වැනිදා සිට අප්‍රේල් 14 වැනිදා දක්වා කාලයේ භාවිතා කළ දුරකකන බිල රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කුමන්ත්‍රණය කිරීම සහ කටයුතු කිරීම මඟින් අල්ලස් පනතේ ‘දූෂණය’ නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.

අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව මීට පෙර අවස්ථාවක කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම සිද්ධියට අදාළවම නඩු පැවරූ අතර ඒ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අල්ලස් කොමිසන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් මහාධිකරණය විසින් පිළිගනිමින් දුන් නියෝගයකට අනුව විත්තිකරුවන් දෙදෙනා නිදහස් කෙරිණී.

නිසි ආකාරයට යළි නඩු පැවරීමට පැමිණිලිකාර අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බව ඒ අවස්ථාවේදී දැනුම් දීම මත විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මෙලස යළිත් වරක් නඩු පවරන ලදී.

Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?