Latestදේශීය

පොලිසිය අපරාධ තිප්පොලක් වෙලා

පොලිස් නිලධාරීන් සම්බන්ධ වී සිදුකරන විවිධාකාරයේ අපරාධ විශාල වශයෙන් ඉහල යමින් තිබෙන බව මාධ්‍ය වාර්තාවලින් තහවුරු වේ.

අද (08) නිකුත් කර තිබෙන දිනමිණ පුවත් පතේ මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති 05ක් පළකර තිබේ. එහි මුල් පිටුවේ “මිල්ලනියේ පාසල් සිද්ධිය ගැන – පොලිසියේ තුනක් ළමාරාක්ෂක අධිකාරියට” යනුවෙන් සඳහන් කර තිබේ. අදාළ විද්‍යාලයේ විදුහල්පතිනියි ගුරුවරියක් සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ළමාරක්ෂක අධිකාරියේ විමර්ශන සඳහා ගෙන්වා ඇති බව එම පුවතේ වැඩි දුරටත් සඳහන් වේ.

එමෙන් ම, එහි 07 වෙනි පිටුවේ “භූමිතෙල් ලබා දෙන බව කියා ව්‍යාපාරිකයෙක් රවටා ලක්ෂ 06කට විද්ද පොලිස් නිලධාරියා ගැන විමර්ශන” යනුවෙන් සහ “වාකරේ පොලිස් නිලධාරියෙක් අයිස් සහ ගංජා සමඟ කොටු” යනුවෙන් පුවත් 02ක් පළකර තිබේ. ඊට අමතරව එම පිටුවේ ම බෙලිඅත්ත පොලිසිය සිදුකරන ලද ත්‍රාඩ ක්‍රියාවක් සම්බන්ධයෙන් ද පළකර තිබේ. එම ප්‍රවෘත්තියේ සිරස්තලය “වෙඩි තියන්න ගෙනා තුවක්කුව බෙලිඅත්ත පොලිසිය වායු රයිෆලයක් කරලා” යනුවෙන් දක්වා තිබේ.

එහි 09 වෙනි පිටුවේ “පේරාදෙණිය රෝහලේ ආරක්ෂක නිලධාරිනි හැප්පූ පොලිස් සැරයන් අත්තඩංගුවට” යනුවෙන් තවත් ප්‍රවෘත්තියකි. මේ අනුව පොලිසියේ විවිධාකාරයේ අපරාධ සහ අනීතික ක්‍රියා පිළිබඳව ආණ්ඩුවේ දිනමිණ පුවත්පතේ පමණක් ප්‍රවෘත්ති 05ක් පළ කර තිබේ.

Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?