Latestදේශීය

ශිෂ්‍යත්වය හෝ උසස් පෙළ නැවත කල් දමන්නේ නැහැ – සුසිල් ප්‍රේම්ජයන්ත්

පහ වසර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වන දිනත් උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 23 සිට පෙබරවාරි 17 දින දක්වාත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව උසස් පෙළ හා පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සඳහා තීරණය කර තිබෙන දින යළි කිසිදු ආකාරයකින් වෙනස් නොකරන බවයි අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ.

දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කල් දමන ලෙස එම විභාගයට දෙවැනි හා තුන්වන වර පෙනී සිටින සිසුන්ගෙන් විශාල ලෙස ඉල්ලීම් ලැබුණු බවත් ඊට පක්ෂව පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජිතයන් ද අදහස් දැක්වූ බවත් පැවසූ අමාත්‍යවරයා  උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු යළිත් වරක් විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට ඒ සඳහා සූදානම් වීමට කාලය තිබුණේ මාස තුනකුත් සතියක් වැනි කෙටි කාලයක් බව ද පැවසුවා.

කොවිඩ්-19 තත්ත්වයත් සමග රටේ මතු වූ නොයෙකුත් ගැටලු සහගත තත්ත්ව ද පළාත් නවයේ විෂය නිර්දේශ ආවරණය කිරීම සම්බන්ධයෙන් ද සමීක්ෂණයක් සිදුකර ලබාගත් දත්ත පදනම් කර ගනිමින් අදාළ කල් දැමීම කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

දැනට සැලසුම් කර ඇති විභාය පැවැත්වීම කිසිදු ලෙසකින් හෝ වෙනස් නොවන බවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පාර්ෂවයකින් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවත් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටියා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?