Latestදේශීය

පහළ දැමූ එ‌තනෝල් බද්ද යළි ඉහළට

කොවිඩ් වසංගත සමයේදී පහළ දැමූ එතනෝල් බද්ද යළි ඉහළ දැමීමට තීරණය කළ බවත් එමගින් රුපියල් බිලියන 1.6ක බදු ආදායමක් බලාපොරොත්තු වන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් නොවැම්බර් මස 11 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කරයි.

කොවිඩ් වසංගත සමයේදී විෂබීජ නාශක දියර වර්ග විශාල වශයෙන් නිෂ්පාදනය කළ අතර එයට අනිවාර්යයෙන් යොදාගන්නා අමුද්‍රව්‍යයක් වන එතනොල් ආනයනයේදී එතෙක් පනවා තිබූ බදු අඩු කිරීමට කටයුතු කළ බවත්, ඒ අනුව 2020 අප්‍රේල් 30 සහ ජූනි 09 යන අවස්ථා දෙකකදී බදු පහතදැමීමට කටයුතු කළ බවත්, අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පවතින ආර්ථීක තත්වය සැළකිල්ලට ගෙන නැවතත් 2020 අප්‍රේල් 30 වැනිදාට පෙර තිබූ  බද්ද යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙයි.

මේ අතර රා ලීටරයක් සඳහා අයකෙරුණු රුපියල් 25ක සුරා බද්ද රුපියල් 50ක් දක්වා යළි ඉහළ දැමීමට තීරණය කර ඇති බවත්, ඉකුත් ජනවාරි මාසයේදී එය පහත දැමුවද එම වාසිය පාරිභෝගිකයාට නොලැබීම හේතුවෙන් යළිත් පෙර පැවති මට්ටමට එම බද්ද නැවතත් වැඩිකිරීමට තීරණය කළ බවද සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?