Latestදේශීය

මහින්ද, රෝහිත වැනි ප්‍රභලයින් තිළිණි, ජානකී පසුපස – කීර්ති රත්නායක

මහින්ද රාජපක්ෂගේ සෘජු රැකවරණය මත තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන රටේ ආන්දෝලනාත්මක චරිත බවට පත්ව ඇති බවත් රෝහිත අබේගුණවර්ධන ඇතුළු දේශපාලනඥයින්ගේ සමීප සබදතා තිළිණි ප්‍රියමාලිට තිබුණු බවත් වරෙක තිළිණිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පවා උත්සාහ කළ බවත් හිටපු ගුවන් හමුදා නිළධාරියකු වන කීර්ති රත්නායක මහතා පවසනවා.  

ලිබියාවේ හිටපු ජනාධිපති ගඩාෆි සමඟ ද ජානකි සිරිවර්ධන සබඳතා පවත්වා ඇතැයි ද පවසන රත්නායක මහතා තිළිණි ප‍්‍රියමාලි සමග මුල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජානකී සිරිවර්ධන නමැත්තිය විසින් සිය සම්බන්ධතා යොදා ගනිමින් රක්ෂිත බන්ධනාගාරය තුළ සිටින සිරකරුවන්ගේ කුටි වෙනස් කිරීම් සිදු කරමින් ඇතැයි ද පවසනවා.

තිළිණි ප්‍රියමාලි ඇතුළු පිරිස සිදුකළ මූළ්‍ය වංචාව සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදු කරන කීර්ති රත්නායක මහතා තමන් පවසන සියලු දේ පිළිබඳ වගකීම තමන් දරන බව සහ යමෙකුට අගතියක් වී ඇත්තනම් තමන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකිබවත් පවසනවා.

අන්තර්ජාල මී මැස්සෝ ටී වී වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් රත්නායක මහතා මෙම අදහස් පල කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?