කාලගුණයෙන් අවවාදයක්
කාලගුණ පුරවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර සහ නාවික ප්‍රජාව වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඉදිරි දිනවල දී ඇති විය හැකි බවයි.
මේ හේතුවෙන් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ලබන සඳුදා දක්වා යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මෙලෙස පීඩන අවපාතය වර්ධනය වුවහොත් කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනය හරහා සඳහන් කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

