Latestදේශීය

ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා – රෝහණ දිසානායක

ක්‍රීඩාව සඳහා කිසිදු දේශපාලන අඟිලි ගැසීමක් නොමැති බව ක්‍රිඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා අවධාරණය කළේය.

විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා හොඳ ජාතික සභාවක් සහ තේරුම් කමිටුවක් ඇති බවත් රටම පිළිගත් අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා සභාවේ සභාපතිත්වරයා ලෙස පත් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

 ඊයේ (26) ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.

2023 අය වැය තරුණයින් සඳහා ඉදිරිපත් කළ අයවැයක් බවත් මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ තරුණයින්ට බවත් රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සඳහන් කළේය.
2023 වසරේ එලෙස විශාල වැඩකොටසක් සිදු කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය කැප වන බවද හෙතෙම සඳහන් කළේය.

ව්‍යවසායකයින් සහ උගතුන් බිහි කිරීම සඳහා ජාතික තරුණ සේවා සභාව වැඩසටහන් රැසක් ක්‍රියාත්ම කර ඇති බවත් ව්‍යවසායකයින් බිහි කර ආහාර සුරක්ෂිතතාව ආදී වැඩසටහන් මෙන්ම , විදේශ රටවල් සඳහා විගමනිකයින් ලෙස යැවීම සඳහා ඔවුන් පුහුණු කිරීමටද තරුණ සේවා සභාව කටයුතු යොදා තිබේ. බියගම ක්‍රීඩාවිශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?