Latestදේශීයනවතම ලිපි

විදුලි ගාස්තු නැවතත් ඉහළට

පසුගියදා විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කළ ද තවමත් විදුලිබල මණ්ඩලයේ පවතින පාඩුව පියවා ගැනීමට නොහැකි වී ඇති බව විදුලිබල මණ්ඩල නියෝජිතයෝ පෙන්වා දෙනවා.

දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් 70% පමණ විදුලි බිල ඉහළ දැමීමට සිදුවන බව ඔවුන් පෙන්වාදෙනවා.

ඒ අනුව 2023 ජනවාරි සහ ජුනි මාස වල දී නැවතත් පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට අදාල කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවත් ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය සඳහා අදාළ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත්  විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න මහතා පවසනවා.

 මේ වන විට විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 650 කට ආසන්න ප්‍රමාණයක් බැංකු සහ විදුලිබල සැපයුම් කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු බවත් පුනර්ජනනීය බල ශක්තිය සැපයූ ආයතන සඳහා රුපියල් බිලියන 35 කට ආසන්න ප්‍රමාණයක් ගෙවිය යුතු බවත් තාප විදුලි සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 75 කට ආසන්න මුදලක් ගෙවිය යුතු යුතු බවත් විදුලිබල මණ්ඩලයෙන් නියෝජිතයෝ මෙහිදී තවදුරටත් පෙන්වා දුන්නා.  ආර්ථිකය ස්ථායිකරණයට අදාල කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ දී මෙම කරුණු අනාවරණය විය. මෙම කමිටුව පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙම අවස්ථාවට විදුලිබල බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ද එක්ව සිටියා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?