Latestදේශීය

දෙසැම්බර් 5 වන දා සිට අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුලත් කර ගන්නේ නැහැ: අධ්‍යාපන අමාත්‍යාංශය

2022 වර්ෂයේ දෙසැම්බර් 5  වන දා සිට අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීම සිදුනොකරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

 එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ නැවත අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීම සිදු කරනු ලබන්නේ 2023 වර්ෂයේ මාර්තු මස 24 වන දිනට පසුව බවයි.

 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය 2023 වන වර්ෂයේ මාර්තු මස 24 වන දිනෙන් අවසන් වූ පසු පාසල් වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරන අයදුම්පත් සලකා බලා සිසුන් ඇතුළත් කිරීම සිදුකර ගන්නා බවයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.  තවද 2022 වසරේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම්පත්යොමු  කිරීමේදී උසස් පෙළ විෂය ධාරාවන් නොමැති පාසල්වල සිසුන් විසින් විෂයධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම් පත්‍ර අදාළ පාසලටම යොමු කිරීම සිදුකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අයදුම්පත් යොමු කිරීම සිදු නොකළ යුතු බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?