Latestදේශීය

සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් කාර්යය සාධන බලකායක් – හරින් ප්‍රනාන්දු

සංචාරක ව්‍යාපාරය නැංවීමට අන්තර් අමාත්‍යංශ කාර්යය සාධන බලකායක් පිහිටුවීමට යෝජනා කරන බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

පසුගියදා (02) සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් සංචාරක අමාත්‍යවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකා පොලීසිය, වනජීවී අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වන සම්පත් අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ඇතුළු අදාළ සියලු අමාත්‍යංශ එක්ව මෙම කාර්ය සාධන බලකාය පිිහිටවිය යුතු බව හෙතෙම සඳහන් කළේය.

එසේ ම මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ ක්‍රියාමාර්ග ගත යුතු බවත් තමා පොලිස්පතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද කීය.

මෙරට පවතින සංචාරක අවස්ථාවන් පිළිබඳ ලෝකයට දැන ගැනීමට ඉඩ සලසන ක්‍රමවේදයක්, ප්‍රචාරණ කටයුත්තක් නිර්මාණාත්මක ආකාරයකින් සකස් කිරීම අවශ්‍ය ව තිබෙන බවද ඒ සඳහා විවිධ පියවර ගෙන ඇතැයිද කීය.

සංචාරක ව්‍යාපාරයේ දී විදේශීය සංචාරකයින් මෙන්ම දේශීය සංචාරකයින් සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි.ඒ වගේම මෙරට මිනිස්සුන් දේශපාලන වශයෙන් මත වාද තිබුනට ඔවුන් එකට ජීවත් වෙන එකට සතුටු වන සමගාමීව හා සහජීවනයෙන් ජීවත්වන පිරිසක් බව සමස්ත ලෝකයටම ඒත්තු ගැන්විය යුතුයි.

ඒ නිසා දෙසැම්බර් මාසය තුළ එනම් නත්තල් සමයේදී රටෙහි තදාසන්න ප්‍රදේශ එනම් කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක විවිධ ක්‍රියාකාරකම්, විවිධ සංචාරක ප්‍රවර්ධන කටයුතු රට පුරාම පැවැත්වීමට මම සංවිධානය කළ තියෙනවා

ඒ සඳහා පුද්ගලික අංශයේ දායකත්ව ලබාගෙන ඇති අතර ඉතාම සුළු දායකත්වයක් පමණයි රජය මඟින් ලබාදෙන්නේ. එමගින් අප ජීවිතය විදවන ජාතියක් නොවේ සතුටට කැමති ජාතියක් බවත් සංචාරකයින් පිළිගත්ත ජාතියක් බවත් ලෝකයට විදහා දැක්වීමට අපේක්ෂිතයි.

මේ සඳහා ප්‍රථම පියවර ලෙස ලංකාව තුළ සංචාරක ක්ෂේත්‍රයේ නිරත මාධ්‍යවේදීන්ගේ සංසදයක් පිහිටුවනු ලැබුවා. එමඟින් මෙරට දේශීය සංචාරක ව්‍යාපාරය සවිගැන්වීමටත් රටතුළ මේ පිළිබඳ ජනතා මතයක් නිර්මාණයටත් පියවර ගත්තා. අපි ලබන වසරේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශය හා සම්බන්ධ වෙලා මේ පිළිබඳ පුළුල් වැඩපිලිවෙලක් කිරීමට අපේක්ෂා කරනවා .

සංචාරකයින් මෙරටට පැමිණීමේ දී ඔවුනට දරන්නට වන වියදම් ඉතා සංවේදී සාධකයක් වන බව නිරීක්ෂණය විය මෙවර අයවැයේදී වීසා ගාස්තු $50 දක්වා වැඩි කිරීමට ගත් තීරණය නැවත සලකා බළන ලෙසට මම යෝජනා කරනවා” යැයි ද පැවසීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?