Latestක්‍රීඩාදේශීය

චාමරී ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට

නවසීලන්තයට එරෙහිව තරඟ 2-1 ක තරඟාවලි ජයක් ලැබීම සඳහා ප්‍රබල දායකත්වයක් සැපයූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණි බව අද අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය නිවේදනය කළා.

ඇය එම ස්තානයට පැමිණි පළමු ශ්‍රී ලාංකීක ක්‍රීඩිකාව බවටද පත්වුණා.

Harmanpreet Kaur, Meg Lanning සහ Laura Wolvaardt සහ මැයි 10 සිට පිතිකරණ ලැයිස්තුවේ ඉහළින්ම සිටි ඕස්ට්‍රේලියාවේ Beth Mooney වැනි ක්‍රීඩකයින් අභිබවා යාමට චාමරී සමත්වීඇති අතර ඒසඳහා පසුගිය තරග තුනකදී ලබාගත් ශතක දෙක ඉවහල් වී ඇත.

නවසීලන්තයට එරෙහිව පැවති පළමු තරගයේදී පන්දු 83කදී නොදැවී ලකුණු 108ක් සහ අවසන් තරගයේදී නොදැවී ලකුණු 140ක් ලබාගනිමින් ‘තරගයේ වීරයා’ සම්මාන දිනා ගත් ඇය ‘තරග මාලාවේ ක්‍රීඩිකාව’ ලෙසද නම් කෙරුණා.  මින් පෙර ලෝක ශ්‍රේණිගතකිරීම්වල ඇය ලබාසිටි ඉහලම ස්ථානය වුයේ හතරවන ස්ථානයයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?