Latestදේශීය

හෙද නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදෙන බව පවසමින් මුදල් ලබාගෙන

හෙද නිලධාරීන්ට කඩිනමින් ස්ථාන මාරු ලබාදිය හැකි බව පවසමින් , මුදල් වංචා කළ පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අමාත්‍යාංශයේ ලේකම්, ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ කළේ , සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබුණූ තොරතුරක් මත මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවයි. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් මෙම සැකකරු ස්ථාන මාරු අයැදුම් කළ හෙද නිලධාරීන් අමතා එම ස්ථාන මාරුව කඩිනමින් ලබාදීමට මුදල් ඉල්ලා ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා පවසනවා.

මෙම පුද්ගලයා රුපියල් 10,000 සිට 50,000 දක්වා මුදල් ඉල්ලමින් සිදුකළ ප්‍රකාශවල හඬපට සහිත සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ඇතැම් හෙද නිලධාරීන් ජංගම දුරකතන යෙදවුමක් හරහා ඔහුට මුදල් ලබා දී ඇති බවද ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පවසනවා. 

මෙවැනි කූට උපක්‍රමවලට හසු නොවී වාර්ෂික ස්ථාන මාරු ලබාදීමේ විධිමත් ක්‍රියාවලියට අනුගත වී සේවය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේමම්වරයා ලෙස තමන් හෙද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?