Latestදේශීය

ධනුෂ්කට නව නිවසකට යාමට අධිකරණයෙන් අවසර

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත්ව තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවිය අවසර ලබා දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ (16) ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

ධනුෂ්ක ගුණතිලක දැනට ජීවත් වන්නේ ඔහු වෙනුවෙන් උදව් කිරීමට ඉදිරිපත්වී ඇති  පුද්ගලයෙකුගේ නිවසේ වන අතර, ඔහුගේ නඩුවේ නීතිමය ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක් වීම හේතුවෙන් නව නිවසකට යාමට ඉඩ ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර  ඇත.

එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය ධනුෂ්කට නව නිවසකට යාමට අවසර ලබාදී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?