Latestදේශීය

2023 වසරේදී ග්‍රාම නිලධාරීන්ට අනිවාර්ය ස්ථානමාරු

2023 ජනවාරි මස පළමුවනදා සිට එක් ග්‍රාම නිලධාරි වසමක වසර 05 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ග්‍රාම නිලධාරීන් අනිවාර්යෙන් ස්ථානමාරු කිරීම සිදු කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

ඊට අදාළ උපදෙස් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත ලබා දී තිබෙනවා.

දිස්ත්‍රික් හා අමාත්‍යාංශ අභියාචනා මණ්ඩලවලදී සලකා බලන ලද විශේෂ හේතුවක්  ඇති නිසා ස්ථානමාරු නොකිරීමට ඇති නිලධාරීන් හැරුණු විට එක් ග්‍රාම නිලධාරී වසමක වසර 5 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අනෙක් සියලු ග්‍රාම නිලධාරීන්ට මෙම ස්ථාන මාරුව අනිවාර්ය බව එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

තවද ලබන 31 වන දිනට වසර 5 ක කාලයක් සම්පූර්ණ කළද වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග නිකුත්කර නොමැති නිලධාරීන් තවදුරටත් ග්‍රාම නිලධාරී වසම්වල සිටී නම් ඔවුන්ට ස්ථාන මාරු නියෝග නිකුත් කරන ලෙස ද අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදී තිබෙන බවත් සඳහන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?