Latestදේශීය

ලබන වසරේ සියලුම දුම්රිය මාර්ග ප්‍රතිසංවිධානය කරනවා – බන්දුල ගුණවර්ධන

කැබිනට් අමාත්‍යවරුන්ට සේවකයින් බඳවා ගැනීම සඳහා අයුතු ලෙස මැදිහත්වීම් සිදු කළ නොහැකි බවත්, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට එරෙහිව යමින් බලය අයුතු ලෙස භාවිතා කළ නොහැකි බව ජනමාධ්‍ය, මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

මෙරට තුළ යහපත් සංවර්ධන ක්‍රියාදාමයන් සිදුවන විට සංවර්ධන විරෝධී මතවාද ප්‍රකාශ වන බවත්, නව වසර ආරම්භයේ දී ම මෙරට දුම්රිය සේවකයින් අති විශාල සංඛ්‍යාවක් විශ්‍රාම යාම නිසා දුම්රිය ගමන් නතර කිරීමට සිදුවන බවට විශාල මාධ්‍ය මෙහෙයුමක් පැවති බවත්, එහෙත් සත්‍ය එය නොවන බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

ඒ අනුව, 2022.12.31 දිනට දුම්රිය ඉංජිනේරුවරුන් 06 ක්, අධීක්ෂණ කළමනාකරුවන් 03 ක්, දුම්රිය නියාමකවරුන් 20 ක්, දුම්රිය ස්ථානාධිපතිවරුන් 13 ක්, ලොකොමොටිව් රියදුරන් 09 ක්, ෂන්ටින් රියදුරන් 04 ක්, රියදුරු සහායකවරුන් 13 ක්, දුම්රිය ආරක්ෂක නිළධාරීන් 13 ක් දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහයකවරුන් 66 ක් වශයෙන් 410 ක් පමණක් විශ්‍රාම ගොස් ඇති බව හෙතෙම පැවසීය.

එමෙන්ම, මේ වන විට බඳවාගැනීමට අනුමත දුම්රිය රියදුරන් 458 ක් මේ වන තෙක් රියදුරන් 290 ක් කටයුතු කරන ලද අතර පුරපාඩු 162 ක් මේ වන විට තිබෙන අතර, එසේ පුරප්පාඩු තිබුණත් පුරප්පාඩු වලට බඳවා ගැනීමට යැයි කැබිනට් මණ්ඩලයට බලය අයුතු ලෙස භාවිතා කළ නොහැකි බවත්, සාධාරණ ලෙස පවතින නීති රීති රෙගුලාසි වලට අනුව බලය භාවිතා කිරීමට කටයුතු කිරීමට මිස ග්‍රාම්‍ය ලෙස රටක ආණ්ඩු කළ නොහැකි බවත්, රටක ආණ්ඩු කරන විට රටේ නීතිරීති හා පරිපාලන පද්ධතියට අයුතු ලෙස බලය භාවිතා කරමින් එම පුරප්පාඩු වලට බඳවාගැනීම් කළ නොහැකි බවත් මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව, රාජ්‍ය සේවා කොමිසම සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර මෙහි පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවත්, ලබන වසර වන විට සියලුම දුම්රිය මාර්ග ප්‍රතිසංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?