Latestදේශීය

මුහුදේ දිය නාමින් සිටි දරුවෙකු දියේ ගිලී අතුරුදන්

මරදන්කේනි, මාමුණෙයි ප්‍රදේශයේ මුහුදේ දිය නාමින් සිටි 15 හැවිරිදි දරුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

දරුවන් තිදෙනෙකු දියනාමින් සිට ඇති අතර ඉන් එක් දරුවකු මෙසේ අතුරුදන් වී තිබෙනවා.

එම දරුවා නාගර් කොවිල් නැගෙනහිර, නාගර්කොවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

තවත් දරුවෙකු දියේ ගිලී ඇති අතර ඔහු පේදුරුතුඩුව රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.

මේ වනවිටත් පොලීසිය, නාවික හමුදාව විසින්  ධීවර ප්‍රජාව සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව  අතුරුදන්වූ දරුවා සොයා මෙහෙයුම් කටයුතු සිදුකරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?