Latestදේශීය

බදු බරට එරෙහිව අද සිට විරෝධතා මාසයක් ක්‍රියාතමක කෙරේ

සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ තීරණයකට අනුව අද (01) සිට ලබන 28 දක්වා අඛණ්ඩ විරෝධතා මාසයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

බදු ඉහළ දැමීමත් සමග ජීවන වියදම අධික ලෙස ඉහළ යාම මෙන්ම පවතින ඖෂධ හිඟයට විරෝධය පළ කරමින් මෙම විරෝධතා මාසය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පවසන්නේ.

එම තීරණයට අනුව සෑම රෝහලක් ඉදිරිපිටම දිවා ආහාරය සඳහ වූ පැයක කාලය  විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අතර අසාධාරණ ලෙස බදු අය කිරීම හා ආර්ථික ගැටලු හේතුවෙන් වෛද්‍යවරුන් ඉංජිනේරුවරුන් ඇතුළු වෘත්තිකයින් රැසක් මේ වනවිට රට හැරයමින් සිටින බව වෘත්තීයවේදීනගේ සංගමය පෙන්වා දෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන ආකාරයට පසුගිය වසර ආරම්භයේ සිට මේ දක්වා වෛද්‍යවරු 1000 කට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා යොමු ව තිබෙනවා. එමෙන්ම විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සමලේකම් ඉසුරු කස්තුරිරත්න මහතා පවසන්නේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරු 50 කට අධික සංඛ්‍යවක් ද පසුගිය වසර තුළ විදේශ රැකියා සඳහා යොමු වී ඇති බවයි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?