දේශීය

ඕනෑම මොහොතක ඉල්ලා අස්වෙන්න සූදානම්- සෞඛ්‍ය අමාත්‍ය

වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයන්, මාරවීම්, උසස්වීමි වැනි කිසි දේකට දේශපාලන මැදිහත්වීමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අසාධාරණයක් සිදුව ඇති බව පෙන්වීමට හැකි නම් එය නිවැරදි කිරිමට සෞඛ්‍ය අංශ කිසිදු අයුරකින් පසුබට නොවන බව ද ඒ පිළිබඳ සාකච්ඡා කිරිමට ඕනෑම මොහොතක සූදානම් බව ද අමාත්‍යවරයා පැවසීය.

‌වෛද්‍ය ‌වැඩ ‌වර්ජනය පිළිබඳ මාධ්‍ය‌ ‌වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දේශපාලන මැදිහත්වීම් මත මේ දේවල් සිදු‌‌ව ඇති බවටත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමා මේ සඳහා මැදිහත්‌ව ඇති බව කවුරුන් හෝ පවසන්නේනම්, ඒ බව පෙන්වීමටම කටයුතු කරන්නේනම් තමන් ඕනෑම මොහොතක ඉල්ලා අස්වෙන්නත් සූදානම් බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, තමන් මේ වනතෙක් එවැනි කිසිම දේකට සම්බන්ධව නොමැති බවයි. මේ සම්බන්ධව ඇතමුන් ඉල්ලීම් සිදු කළත් යම් වැඩපිළි‌‌වෙළකට‌ අනුව එම ක්‍රියාවලිය සිදුවන බැවින් තමන්ට එවැනි දේ සිදු කිරීමට නොහැකි බව තමා ප්‍රකාශ කර ඇති බවත්, දේශපාලන ඇඟිලි ගැසීම් සිදු වන බවට සිදු කරන ප්‍රකාශය සම්පූර්ණයෙන් ජනතාව මුලාකරන ප්‍රකාශයක් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය. එසේ නොමැති නම් තමන්ගේ යම් කිසි අඩුපාඩුවක් වසා ගැනීමට අනෙක් අයට ඇගිල්ල දිගු කරන වැඩපිළි‌‌වෙලක් හැටියට තමා එය දකින බව ද අමාත්‍යරයා පැවසීය.

මේ පිළිබද වැඩ්දුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යරයා –

“සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය වැඩවර්ජනය පිළිබඳ මා පුදුමයට පත් ‌වෙනවා. මේ කරුණ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මා වීවිධ අවස්ථාවල ඔවුන් සමග ද සාකච්ඡා කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඒ තුළ සිටින නිලධාරීන් සම්බන්ධව ඉතාම පැහැදිලිව අදාල චක්‍රලේඛණ වලට යටත්ව, සේවා කාලයන්ට යටත්ව කටයුතු කිරීම පිළිබඳව මා පැහැදිලි උපදෙස් ලබා දී තිබෙනවා. එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක ‌වෙලා තිබෙනවා කියන එකයි මාගේ විශ්වාසය. මෙම කරුණු 06 ගත්විට පළමු කරුණ වන පවුල් සෞඛ්‍ය සේවාවන්ට අදාලව විශේෂඥ ‌වෛද්‍යවරුන් මාරුකිරීම හා සේවා ස්ථාන වලට යොමු කිරීම සම්බන්ධව ප්‍රශ්ණයේ දී කණ්ඩායම් දෙකක් මුල් වුණා. ඔවුන් දෙපිරිසම විවිධ අදහස් ඉදිරිපත් කළා. අපි ඒ දෙගොල්ලන්ටම ඇහුම්කම් දුන්නා. දෙපිරිසම ගෙන්වා සාකච්ඡා පැවැත්වූවා. යම් යම් එකඟතාවයන්ට ආවා. මේ සෑම අස්ථාවකම පූර්ණ එකඟතාවයකට ඒමට නොහැකි වුණා. එවිට අප කළ යුතු දේ තමයි දෙපිරිසේම කරුණු විමසා දෙපිරිසටම අසාධාරණයක් සිදු නොවන ලෙස මධ්‍යස්ථ තැනකට ගෙන තීරණයනට එළඹීම. ඒ දේ අපි කර තිබෙනවා.මේ පිළිබඳව අපි කිසිදු ආකාරයක පෞද්ගලික අවශ්‍යතාවයක්, වුමනාවක් උඩ ක්‍රියාත්මක වී නැහැ. එවැනි දෙයක් ගැන කතා කිරීම සම්බන්ධව මා කණගාටුව ප්‍රකාශ කරනවා.”

“දෙවැනි කරුණේ දී පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමේ දී පිළිගත් ක්‍රම‌වේදයන් කිහිපයක් අනුගමනය කරනවා. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු සහ රෝහල් අධ්‍යක්ෂවරුන් අවශතාවයන් පිළිබඳව විශ්ලේෂණයක් කර ඔවුන්ගේ අවශ්‍යතාවයන් සම්බන්ධව ඉදිරිපත් කරන්න කියලා කියනවා. ඔවුන්ගෙන් තොරතුරු අරගෙන ඒ අනුව ප්‍රමුඛත්වය ලබාදෙමින් 500ක පත්වීම් ලබා දී තිබෙනවා. පත්වීම් දුන් කිසිම කෙනෙක් කිසිම අවස්ථාවක මේ මොහොත ‌වන තෙක් ඒ පත්වීම වෙනු‌වෙන් විරුද්ධත්වයක් ඉදිරිපත් කර නැහැ. එසේ ඉදිරිපත් නොවී තිබිය දී මේ අයුරින් හැසිරීමට කුමක් ද හේතුව යන්න තේරුම් ගත නොහැකියි.”

“තෙවන කරුණේ දී එම කරුණ සම්බන්ධව සියල්ල අවසන් කරලයි තිබෙන්නේ.එය ගැසට් කිරීමට පෙර අදාල පාර්ශව ‌වෙත මේ සම්බන්ධව දැනුම් දෙන්න කටයුතු කිරීමට පළමුව ඔය කතා කරන පාර්ශවයට ලබා දී ඔවුන්ගේ අදහස් ද ගෙන ගැසට් කිරීමට පමණයි තිබෙන්නේ. එය ඉතා ඉක්මණින් අපට කරන්නට පුළුවන්.”

අනෙක් කරුණු අතර වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මකවන දිනය, අපට තිබෙන ප්‍රශ්ණය තමයි යම් කෙනෙකුට යම් ස්ථානයකට මාරුවීමක් ලබාදුන් පසු ඔහු එම ස්ථානයේ වැඩ බාර ගන්න දිනය හැටියට තමයි ක්‍රියාත්මක වන දිනය ගැනෙන්නේ. මෙහිදී අදහසක් මතු‌වෙනවා සමහර අය මොන මොන හේතූන් කියලා හරි වසරක් ඉන්න තියෙනවා නම් මාස 11ක් ඉදලා අනෙක් මාසේ එතනට ගිහිල්ලා මුල සිටි අවුරුද්ද තමන්ගේ ස්ථාන මාරු දිනය ලෙස අරගෙන මාසයක් විතර වැඩ කරලා ආපසු එන සිරිතක් තිබෙන බව මට දැනගන්නට තිබෙනවා. එය සාධාරණ ද අසාධාරණ ද කියන කරුණ මේ අයම දැන ගත යුතුයි. එහෙම තමන්ගේ වුවමනාවන් අනුව හිතවත් අයෙකුට එලෙස කටයුතු කරනවා ද කියන එකත් බලාගත යුතුයි. ඒ ඒ අයගේ අවශ්‍යතාවයන් හැටියටයි අපට ගන්නට තිබෙන්නේ.” යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය .

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?