ඉන්දීය අග්‍රාමාත්‍ය හා අමෙරිකානු ජනාධිපති අතර හමුවක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අමෙරිකාවේ සංචාරයකට පැමිණෙන්නැයි ජනාධිපති ජෝ බයිඩන් ආරාධනා කර තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනය පිළිගෙන ඇති අතර දෙරටේම බලධාරීන් විසින් ඒ සඳහා දිනයක් වෙන්කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මේ වසරේ G 20 සමුළුව ඇතුළු ගෝලීය මට්ටමේ කාර්යයන් බොහෝමයක ප්‍රධානත්වය දැරීමට ඉන්දියාව සූදානමින් සිටින පසුබිමක් තුළ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ආරාධනය සුවිශේෂී එකක් වන බවයි.
Please follow and like us: