Latestදේශීය

වැව් 30ක් ප්‍රතිසංස්කරණයට

දීර්ඝ කාලයක් පුරා අත්හැර දමන ලද වැව් 30ක් මෙම වසරේ ප්‍රතිසංස්කරණය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 300ක් වැය කෙරේ.

දිස්ත්‍රික්ක ගණනාවක භාවිතයට හා ප්‍රතිසංස්කරණයට ලක් නොකර අත්හැර දමන ලද වැව් රැසක් පවතින බවට ගොවි ජනතාව ඉදිරිපත් කරන ලද පැමිණිලි අවධානයට ගනිමින් ඒ සම්බන්ධව සොයා බැලීම සඳහා සමීක්ෂණයක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව මේ වනවිට දිස්ත්‍රික්ක ගණනාවක අත්හැර දමන ලද වැව් හඳුනාගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. එසේම වැව් භාවිතයෙන් වගා කළ හැකි අක්කර 20කට වඩා කුඹුරු තිබෙන අත්හැර දමා ඇති වැව් පමණක් ප්‍රතීසංස්කරණය කර යළි ගොවි ජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම වසර තුළ හම්බන්තොට, වව්නියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, මොණරාගල දිස්ත්‍රික්කවලින් තෝරාගන්නා ලද අත්හැර දමන ලද වැව් 30ක් මෙම වසර තුළ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි. මේ සඳහා වෙන්කර ඇති මුදල රු. මි. 300කි.

මෙම වැව් යටතේ වී වගා කිරීම වෙනුවට එළවළු හා පලතුරු වගා කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත්, මෙම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ලබන අගෝස්තු මාසය වනවිට අවසන් කිරීමට අවධානය යොමු කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

@Media Unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?