Latestදේශීය

වෛද්‍ය සිසුන්ට ජල ප්‍රහාර

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමයේ විරෝධී සහ පාගමනට පොලිසිය අද (16) පස්වරුවේ කොළඹ 7 හෝර්ටන් පෙදෙසේදී ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

“නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය වනසන lyceum, NSBM, Gateway වෙද උපාධි කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු !” යනුවෙන් සඳහන් බැනර් සහ විවිධ සටන් පාඨ ප්‍රධර්ශනය කරමින් මෙම විරෝධතාවය පැවැත්විණි.

මෙම පා ගමනයට යාපනය ඇතුළු සියලුම වෛද්‍ය පීඨ නියෝජනය කරමින් සිසුන් සහභාගි වී සිටි අතර එම පා ගමන වැලැක්වීමට පොලිස් කණ්ඩායම්, කැරලි මර්දන කණ්ඩායම්, යුද හමුදා, කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් යොදව තිබිණි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?