Latestදේශීයමතවාද

රනිල් සහ ප්‍රජාතන්ත්‍රවාදය සදහා සන්ධානයක්

(අතුලසිරි සමරකෝන්)

රනිල් රට හදන්නේ රටේ සියල්ල ජාත්‍යන්තර ආර්ථික කළමනාකරණ න්‍යායකට යටත් කොට බව පෙනී යයි. එය ඔහුගේ දර්ශනය නොව ⁣ලෝක සහ කලාපීය ආර්ථික බලවතුන්ගේ දැක්මයි. මෙම දැක්මට අනුව ගියොත් අපට තාවකාළික සහන ලබා ගත හැකිවනු ඇත. නමුත් රාජ්‍යයක් වශයෙන් අපට අනාගතය සම්බන්ධ දීර්ඝකාලීන ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇත.

අදටත් අප මුහුණ පා ඇති ආර්ථික අර්බුදයේ ප්රධාන සාධක රනිල්/රවී විසින් සිදුකළ ප්රතිසංස්කරණ හා දැවැන්ත ණය ගැනීම් බව පැහැදිළිය. දූෂණය සම්බන්ධ රනිල්ට කිසිදු ප්රතිපත්තියක් නැති බව පෙනී යයි. හැම පක්ෂයකම දූෂිතම කොටස් ඔහු වටා රැස්වෙන්නේ තාවකාලික ලාබය සදහාය.

රටට තරුණ නායකයන් ගණනාවක් ඇත. සජිත් සහ අනුර කැපී පෙනෙයි චම්පික තවම රනිල් හරහා සජිත් පැරදීමට බලයි. ඔහු එමගින් ඉවත්විය යුතු බව මගේ අදහසයි.

රටට දැන් අවශ්‍යය ආණ්ඩුව සහ විපක්ෂය, වම සහ මධ්‍ය වාමාංශික ලිබරල් එකකි. එය අනාගතය සදහා ඉතා වැදගත් බල ව්‍යුහයක් සාදනු ඇත.

නමුත් රනිල්, බැසිල් වැනි අය දැන් ආයෝජනය කරන්නේ සජබය සහ ජාජබය විනාශ කිරීමට බව පෙනෙයි. මේවා ඉතාම හොද විකල්ප නොවුනත් එහි තරුණ නායකයන් රට ගැන හිතන තැනකට තල්ලු කල හැකි විභවය තවම තිබේ.

නමුත් ගැටලුව වන්නේ කලාපීය බල තරගයේ වාසිය තමන්ට හරවා ගන්නා රනිල් දේශීය දූෂිත බලවේග තමන් ව⁣ටා එකතු කරමින් තම පක්ෂයට නැති බලය සොයා ගැනීමට උත්සාහ කිරීමයි.

රනිල් හරි ස්වීට් ලෙස පෙනුනත් ඔහු ඉතාම නරක ලෙස බල ක්රීඩාවේ යෙදෙයි. ගෝඨාභය ඉවත් කොට බලය ගැනීමට ඔහු අරගලය පාවිච්චි කොට අද අරගලය මර්දනය කරයි. සජිත්ලා, අනුරලා කරන දේශපාලනය බලය සම්බන්ධ එතරම් කූට එකක් නොවෙයි. ඔවුන් නිසි ක්රමවේදය සොයයි. අඩුගානෙ එසේ කරන බව පෙන්වයි. අඩුගානෙ දැනට හරි.

රටට අවශ්‍යය රනිල් රාජපක්සලාගේ දූෂිත, බලලෝභය පරාජය කරන ක්රමයකි. ඒ සදහා බිම සැකසීමට සජබ, ජාජබ, ඩලස්ගේ පිරිස, පෙසප හා එවැනි අවංක පිරිස හා අනෙකුත් අවංක කොටස් එකට වැඩ කල යුතුය. මැතිවරණ දිනාගැනීමට, ATA පරාජයට, සමාජ මාධ්‍ය ආරක්ෂාවට, ජාතිවාදය පැරදීමට, අස්වැසුම හරහා ඡන්ද කිරීමට එරෙහිව, IMF අමුවෙන් ක්රියාත්මක කිරීමට එරෙහි පොදු මැතිවරණ නොවන සන්ධානයක් අවශ්‍යය කොට ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?