Latestවිදේශීය

තුර්කි – සිරියා භූ කම්පනවලින් මිය ගිය පිරිස ඉහළට

තුර්කි – සිරියා දේශසීමා ආසන්නයේ සිදු වූ ප්‍රබල භූ කම්පනවලින් තුර්කියේ පමණක් මේ වනවිට පුද්ගලයින් 2379 දෙනෙකු මියගොස් ඇති බව තුර්කි උපජනාධිපතිවරයා උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කරයි. භූකම්පනවලින් සිරියාවේ ද පුද්ගලයින් 1444 කු මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වන අතර තුවාල ලබාසිටින පුද්ගලයින් සංඛ්‍යාව 14, 483 ක් බව වාර්තා වේ.

භූ කම්පනවලින් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම්වලට තුර්කියට බලපෑ ඇති අධික සීත කාලගුණය හේතුවෙන්  බාධා එල්ල වී ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන් වේ. මේ අතර එරට සහන කටයුතු සඳහා අමෙරිකාවෙන් කණ්ඩායම් දෙකක් යොමු කිරීමට ද පියවර ගෙන ඇති අතර තුර්කි – සිරියා භූ කම්පනවලින් විපතට පත් පුද්ගලයින් සඳහා ආධාර ලබා දෙන බවට ලොව පුරා රාජ්‍ය නායකයන් ප්‍රතිඥා දී තිබේ.

කෙසේ නමුත් භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් 8 ගුණයකින් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. තුර්කි වේලාවෙන්  06 වෙනිදා අලුයම 4.17ට පමණ ඇතිවූ පළමු භුමි කම්පනය රික්ටර් මාපකයේ 7.8ක ප්‍රභලත්වයකින් යුක්‍ත වූ අතරඉන් අනතුරුව ද පසු කම්පන කිහිපයක්ම ඇතිවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?