Latestක්‍රීඩා

අද ආරම්භ වන T20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය

දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2023 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද(10) ආරම්භ වෙයි. මෙවර  තරගාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පකිස්ථානය ඇතුළු ප්‍රබල රටවල් 10 ක් එක් වී තිබෙනවා. අද ආරම්භක තරගාවලිය ලෙස, චමරි අතපත්තු මෙහෙයවන ශ්‍රී ලංකා කණ්ඩායම සහ සුනේ ලීස් මෙහෙයවන සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම් තරග බිමට පිවිසීමට නියමිතයි. ඒ නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදීයි. තරගාවලියේ A කාණ්ඩයෙන් පැවැත්වෙන මෙම තරගය මෙරට වෙලාවෙන් අද රාත්‍රී 10.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා සංචිතයට ඕෂදී රණසිංහ, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, ඇතුළු  ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් ය.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායම, තරගාවලියේ මූලික වටයේදී බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව නවසීලන්තය සහ සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව තරග කිරීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?