Latestදේශීය

මන්ත්‍රී ඩයනා අත්අඩංගුවටගත හැකියි – අධිකරණය

සමාජ ක්‍රියාකාරිකයෙකු වන කුසල ලක්මාල් හේරත් මහතා , ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයක් නොමැති බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් , ඇගේ උප්පැන්න සහතික , ජාතික හැඳුනුම්පත මෙන්ම විදේශ ගමන් බලපත්‍රය ද ව්‍යාජ බවත් , ඇයට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙස පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කර තිබුණා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ආගමන විගමන නිති උල්ලංඝණය කර ඇති බව පෙනී යන බැවින් , ඇය අත්අඩංගුවට ගත හැකි බව අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.
 
එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ , ඩයනා ගමගේ මහත්මිය උප්පැන්න සහතික දෙකක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගෙන ඇති බව මේ වන විට තම අධිකරණයට ඉදිරිපත්වී ඇති ලේඛන අනුව පැහැදිලි වන බවයි .

ඒවා ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි බැවින් ඇය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරිමක් අවශ්‍ය නොමැති බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සදහන් කරකු ලැබුවා.එසේම එම වැරදි සම්බන්ධයෙන් ආගමන විගමන පනත යටතේ සුදුසු ලෙස කටයුතු කිරිමේ හැකියාව විමර්ශන නිලධාරින්ට හිමිවී ඇතැයි ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ ය.

මෙම නඩුව යළිත් ,ලබන මාර්තු 02 වැනිදා කැඳවීමට නියමිතයි. 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?