Latestදේශීය

රටට මොකද වුනේ කියලා ‌”සෙක්කුව” බැලුවම පේනවා – නලීන් හේවගේ

“අපට කොතනද වැදුණේ. මේ රටට වැරදුණේ පාලකයින්ගෙ දේශපාලනය නිසා. මේ දේශපාලනය වෙනස් කරන්න ඕනෑ. මේ ඔක්කොම විපතට වැටුණේ අපේ කතිරෙන්. ඒ නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. මේ කතිරය කොළට, නිලට ගැහුවොත් යළි නිලෙන්, කොළෙන් එනවා. මේ රට විනාශ කරනවා. බඩු මිල වැඩිකරනවා. බදුබර ගහනවා. උගතුන් වාෂ්ප වෙනවා. මත්ද්‍රව්‍ය එනවා. ඒවා මගේ දරුවා බොනවා. එතකොට මට සාප වෙනවා. අන්න ඒකට අකමැති පියා මම. මව මම. කොළට නිලට නොගසමි. මෙවර මාලිමාවට ගසමි කියලා කතිරයක් ගහන්න.” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින් හේවගේ ජනතාවගෙන් ඉල්ලයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ ඊයේ (15) බද්දේගමදී පැවති මාලිමාවේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිණි.

එහිදි ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්,

“පරාක්‍රම නිරිඇල්ලගේ ’සෙක්කුව’ නාට්‍යයේ තිබෙනවා, ‘රාලේ බැඳපන් මගෙ පැඟිරා’ ඒ ගොනා ගැන ගොඩාක් වර්ණනා කරනවා. එහෙම කියන කොට ජනතාව ඒ ගොනා බැඳගන්නවා. ටිකක් කල් යනකොට ඒ ගොනා අනිනවා, විනාශ කරනවා. ඊට පස්සේ කියනවා, ‘රාලේ බැඳපන් කිරිපුස්සා’ ඒ පුස්සත් එහෙම තමයි. ඒ නාට්‍යය මේ රටේ දේශපාලනයේ පැතිකඩක් පෙන්නවා. අවුරුදු 74ක් අපිව නිලෙන් බැඳගත්තා, එහෙම නැත්නම් අපිව කොළෙන් බැඳගත්තා. දැන් මේ රට විශාලා මහනුවරක් බවට පත්කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය නොවැම්බර් 10 වාර්තාවක් ඉදිරිපත් කළා. ඒකෙ කියනවා ලංකාවේ හැටතුන් ලක්ෂයක් ඉන්නේ ආහාර අර්බුදයක කියලා. පනස්තුන් ලක්ෂයක් එක්කෝ දෙවේලයි, නැත්නම් එක වේලයි කන්නේ. කන්න නැති, දරුවෝ මන්දපෝෂණයෙන් පෙළෙන, ජීවත් වෙන්න බැරි, කළුවරේ ඉන්න රටක් හැදුවා. උගතාට, බුද්ධිමතාට, මේ මහපොළොවේ ඉන්න බැරිව වෙනත් රටකට ගුවන්ගත වෙන රටක් හැදුවා.

මේක තමයි ඵලය. ඵලය නොවේ වැදගත් ඵලයට බලපෑ හේතු. සොබාදහමේ කිසිවක් අඩුනැතිව නිර්මාණය වුණු සුන්දර රටක් මේක. එදා මුතු ඇටේ අද කඳුළු කැටේ වුණාට මේක සියලු සම්පත් පිරුණු රටක්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් රටක්. ඒකත්වය නෙවෙයි ලස්සන, විවිධත්වය. ලෝකයේ ප්‍රධාන ආගම් වන බුද්ධාගම, කිතු දහම, ඉස්ලාම් දහම, හින්දු දහම වැනි සකලවිධ ආගම්වලින් ශික්ෂණයට ලක්වුණු රටක් මේ රට. ලෝකයේ හඳුනන මිනිස්සු නිර්මාණය කළ රටක් මේක. ගාල්ලේ ගල්වඩුගොඩෙන් බිහිවුණු, සිරිල් පොන්නම්පෙරුම, 1968 හඳෙන් ගෙනා පස් වර්ගීකරණය කර දුන්නේ අපේ විද්‍යාඥයා. අපේ රටට අභිමානයක්. අඟහරුට යැව්ව යානයේ රෝවරයේ කැමරාව අදෝරක්ත කිරණ කැමරාව නිර්මාණය කළේ යටියන්තොටින් බිහිවුණු සරත් ගුණපාල මහතා. ලෝකයේ ඕනෑම තැනක දන්නවා. සාහිත්‍යයෙන් ඕන නම්, ලෙස්ටර්, සුමිත්‍රා, සුනිල් ආරියරත්න, වික්‍රමසිංහ, මහගම සේකර, නූතනයේ රත්න ශ්‍රී ලා දන්නවා, එහෙම සාහිත්‍යධරයෝ නිර්මාණය කරපු රටක්. ක්‍රිකට් දිවිය උඩුයටිකුරු කරපු, ක්‍රිකට් පොතට අලුත් පරිවර්තනයක් එකතු කරපු සනත් ජයසූරිය, මාස්ටර්, බ්ලාස්ටර් කරපු එහෙම මිනිස්සු අපට ඉන්නවා.

මොනවද අපට නැත්තේ. මොනවද අපට කරන්න බැරි. සොබාදහම අපට දිය හැකි සියල්ලම දීල තිබෙනවා. මනරම් තැන පිහිටෙව්වා. ලෝක ජනගහනයෙන් 2/3ක් ඉන්න ඉන්දියාව, චීනය, යන බලවත් රටවල් දෙකකට මුහුණ දාලා පිහිටෙව්වා. මේ අමන පාලකයන්ට මේකේ වටිනාකම නොතේරුණාට, ඉතිහාසයේ ඈත හිටපු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයන්ට මේ රටේ වටිනාකම තේරුණා. ලෝක සිතියමේ පුංචි තිතක් වගේ වුණාට, ලෝකයේ බලවතා වන චීනය, ඉන්දියාව අදත් එනවා. එයාලට මේකේ වටිනාකම තේරෙනවා. ආරක්ෂක ගිවිසුම් ගහනවා. දේපොළ කොල්ලකනවා. තද, දැඩි කකුලක් මේකේ තියාගන්නවා. මේකෙ සියලුම දේවල් තිබෙනවා. ඕනෑම දෙයක් හදන්න පුළුවන්. ඕනෑම කර්මාන්තයක් කරන්න පුළුවන්. දියුණු මානව ප්‍රජාවක් ඉන්නවා. ලෝකේ ඔක්කොම හඳුනනවා. සංචාරක ව්‍යාපාරකයන් හික්කඩුව කිව්වම නොදන්න රටක් නැහැ. උණවටුන වෙරළ තීරය ලෝකයේ හොඳම වෙරළ දොළහට වැටෙන වෙරළක්.

මාලදිවයින කියලා අසල්වැසි රටක් තිබෙනවා. එයාලට මොනවද ඇත්තේ? අපට මොනවද නැත්තේ? මාලදිවයිනේ ඒක පුද්ගල ආදායම ඩොලර් දොළොස්දාහයි. අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් තුන්දහස් හයසියයි. එයාලා රට හැදුවා සංචාරක ව්‍යාපාරයයි, ධීවර කර්මාන්තයයි දෙකෙන් විතරයි එයාලා රට හැදුවේ. අපේ රට වගේ අටගුණයක මහා මුහුදක් තියාගෙන අවුරුද්දට රුපියල් කෝටි තුන්දහස් පන්සියයක මාළු පිටරටින් ගෙනත් කනවා. මාලදිවයින කුඩා රටක්. මාළු වේලගන්න තැනක් නෑ. මාළු වෙරළේ තියලා මොල්ඩිව් ෆිෂ් කියලා අපට කවනවා. අපේ රටේ තේ, පොල්, රබර්, සෑම එළවළුවක්ම හැදෙන, සෑම පලතුරක් හැදෙන, වටිනා සම්පත් 102ක් තියාගෙන අපි හාමතේ ඉන්නවා. කළුවරේ ඉන්නවා. කොතනද මේ වරද? කර්මාන්ත දෙකකින් රටක් අභිමානවත්ව හැදුවා. 102ක් තියාගෙන විඳවනවා. හාමතේ ඉන්නවා.

මිනිස්සුන්ගේ වරදක් නැහැ. මිනිස්සු රස්සාවල් කීපයක් කරනවා. උපාධිධාරීන් පිකට් බෝඩ් එකක් එල්ලගෙන යනවා. ගිනි මද්දහනේ පිච්චිලා, වරුසාවට තෙමිලා, කොල්ලෝ අපිට රස්සාවක් දියවු කියලා බෝඩ් එකක් එල්ලගෙන ඉන්නවා. ඒ කියන්නේ අපෙන් වැඩක් ගනිවු කියනවා. අද අපේ අම්මා, තාත්තා එක රස්සාවක් නෙවෙයි උදේට එකයි හවසට එකයි රස්සා දෙකක් කරනවා. රස්සා දෙකක් කරලත් රටක් වැටෙන්නේ කොහොමද? වෙන රටවල්වල වැඩකරන්න බැහැ. සීතලේ ගැහෙනවා. උෂ්ණෙට මැරෙනවා. වැඩ කරන්නේ නැතිව රටවල් වැටෙන එක හිතාගන්න පුළුවන්.

අපට කොතනද වැදුණේ. මේ රටට වැරදුණේ පාලකයින්ගෙ දේශපාලනය නිසා. මේ දේශපාලනය වෙනස් කරන්න ඕනෑ. මේ ඔක්කොම විපතට වැටුණේ අපේ කතිරෙන්. ඒ නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. මේ කතිරය කොළට, නිලට ගැහුවොත් යළි නිලෙන්, කොළෙන් එනවා. මේ රට විනාශ කරනවා. බඩු මිල වැඩිකරනවා. බදුබර ගහනවා. උගතුන් වාෂ්ප වෙනවා. මත්ද්‍රව්‍ය එනවා. ඒවා මගේ දරුවා බොනවා. එතකොට මට සාප වෙනවා. අන්න ඒකට අකමැති පියා මම. මව මම. කොළට නිලට නොගසමි. මෙවර මාලිමාවට ගසමි කියලා කතිරයක් ගහන්න.”

Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?