Latestදේශීය

2050දි පස සම්පූර්ණයෙන්ම විනාශයි – අනුරාධා යහම්පත්

තවදුරටත් රසායනික ද්‍රව්‍ය ගොවිතැන සදහා භාවිතා කළහොත් 2050 වන විට අපේ පස සම්පූර්ණයෙන්ම විනාශයට පත් වන බව නැගෙනහිර පළාත් ආණඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

එසේ වුවහොත් යළි එම පස යථා තත්වයට පත් කර ගැනීමට නොහැකි වන බව ඇය සදහන් කළාය. ජපානයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන “පීස් වින්” සංවිධානය මගින් ත්‍රිකුණාමලය සංස්කෘතික ශාලාවේ පැවැති දේශීය වෙළදපොල සදහා කාබනික ද්‍රව්‍ය හදුන්වාදීමේ ප්‍රදර්ශනය විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමින් ඇය මේ බව කියා සිටියාය.

ශ්‍රි ලංකාවේ ජපාන තාතාපති මිසුකොෂි හිදෙකි මහතාද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදි හොදම කාබනික වගාවන් සිදු කල ගොවීන් ඇගයීම සදහා සම්මාණ සහ සහතික පත් ප්‍රදානයක්ද සිදු විය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද කීවාය.

“අපේ පස ආරක්ෂා කිරිම කිසි විටක කල් දැමිය යුතු නෑ. එය අද සිටම සිදු කල යුතු දෙයක්. අක්කර 02 ක කුඹුරු කරන ගොවීන් විශාල ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පමණක් නොව මුළු පළාතෙම කාබනික ගොවීන් මෙවැනි දෑ සදහා හුරු කල යුතුයි. වස විසෙන් තොර ආහාර සදහා ජපානයේ ඉතා වැදගත් වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවා. එවැනි නිෂ්පාදන සදහා හොද ඉල්ලුමක් තියෙනවා. එම නිසා මම ජපානයේ තානාපතිතුමාට විශේෂයෙන්ම ස්තූති වන්ත වෙනවා මෙවැනි ක්‍රියා සදහා දායක්තවය ලබා දීම පිළිබදව” යැයිද ආණ්ඩුකාරවරිය කීවාය.

මෙම උත්සවයෙන් පසු ජපාන තානාපතිවරයා සහ ආණ්ඩුකාරවරිය අතර විශේෂ හමුවක් ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැත්විණි.

එහිදි ආණ්ඩුකාරවරිය ඉල්ලා සිටියේ නැගෙනහිර පළාතේ කෘෂිකර්මාන්තය, පුරාවිද්‍යාව, සංචාරක යන අංශ සදහා ජපානයේ නව ආයෝජකයන්ට ආරධනා කිරිමට ‌අවස්ථාව උදා කර දෙන ලෙසයි.

ඊට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්යේ පිහිටා ඇති ඛණිජ වැලි සංස්ථාවේ ආයෝජන සදහා ද ජපන් රජය දිරිමත් කරන ලෙස ආණ්ඩුකාරවරිය තානාපති වරයා හමුවේ අවධාරණය කළාය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?