Latestදේශීය

වසන්ත ඇතුළු 57ක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව දැවැන්ත ක්‍රියාමාර්ගයක්

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු යළි ආරම්භ කරන ලෙස ආන්ඩුවට බල කරමින් පැවති උද්ඝෝෂණයේදී බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය හිමිවරුන් ඇතුළු උද්ඝෝෂකයින්ට පොලීසිය විසින් අමානුෂික ලෙස පහර දීම හෙලා දකිමින් සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන ලෙස ඉල්ලමින් ඊයේ (23) අධ්‍යාපන පරිශ්‍රය තුළ හඩ නැගූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිසු සිසුවියන් 57 දෙනෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගනු ලැබූ අය අතර ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා 48 දෙනෙක්ද සිටිනවා.

මේ අතර රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂණයක් සංවිධානය කරමින් ආන්ඩුවට බල කරමින් සිටින්නේ අත් අඩංගුටව ගත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙසයි. ආන්ඩුවේ මර්දනයට එරෙහිව උද්ඝෝෂණයක් කොළඹදී සංවිධානය කරන බවද එම ශිෂ්‍ය සංගමය අවධාරණය කරනවා.

මේ අතර සියලුම විශ්ව විද්‍යාලයන් නියෝජනය කරමින් ශිෂ්‍ය නායකයින් මාධ්‍ය හමුවක් කැදවා ඇති අතර එහිදී ඔවුන් අවධාරණය කරන්නේ ආන්ඩුවේ මර්දනය පරාජය කිරීම සදහා ශිෂ්‍ය ප්‍රජාව සමග දැවැන්ත ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි. ජන වරමක් නැති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවට මුහුණ දීමට ශිෂ්‍ය ප්‍රජාව සූදානම් බවත් ඉදිරි කාලයේ දී ශිෂ්‍ය බලය දැකබලා ගැනීමට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පොහොට්ටු ආන්ඩුවට හැකි බවත් ඔවුන් අවධාරණය කරනවා.  

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?