Latestදේශීය

සජිත් බෙදන්නේ මේ රටේ මිනිස්සුන්ට

සජිත් ප්‍රේමදාස දන්නේ බෙදන්න විතරක් බව මේ රටේ සීමිත පිරිසක් රට වටේ කිය කියා යන බවත් ඒ අයට කියන්න ඇත්තේ සජිත් ප්‍රේමදාස බෙදන්නේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට මිස තමන්ගේ හිතවතුන්ට හෝ පවුලේ අයට නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැලිඔය දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි දී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

මම වේදිකාවේ වාඩි වෙලා ඉන්න කොට අපේ ගරු ඇමතිවරු කතා පවත්වන කොට මගේ ළගට ඇවිත් මේ ප්‍රදේශයේ විද්‍යාලයේ විදුහල්පතිතුමිය මාත් එක කතා කරා. එතුමිය මට කිව්වා සම්පත් නුවර ජාතික පාසලේ දූදරුවන් 1100ක් පමණ ඉගෙනුම ලබන බවත් ඊට අමතරව තවත් පාසල් 9ක් තිබෙන බවත් පැවසුවා. එතුමිය මට කිව්වා මේ වැලිඔය ප්‍රදේශයේ දක්ෂ දරුවෝ ඉන්නවා. ඒ අයගේ බාහිර ක්‍රියාකාරකම්වලට හැමදාමත් කරන්නේ ලක්ෂ ගණනින් ප්‍රවාහන බිල් දෙමාපියන් ගෙවන බව. මම පුදුමයකට පත් වුණේ නැහැ. මම පහුගිය දවසක තඹුත්තේගම ජාතික පාසලට බස් එකක් පරිත්‍යාග කළා. දරුවෝ 3500කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ අම්මලා තාත්තලා 2022 වසරේ ප්‍රවාහන බිල ලෙස ලක්ෂ 32ක් ගෙව්වා. මට හිතාගන්න පුළුවන් සම්පත් නුවර ජාතික පාසලේ පමණක් නොව අවට පාසල් සියල්ලේම දූදරුවන්ට දෙමාපියන්ට ප්‍රවාහන වියදම් ලෙස කොපමණ ප්‍රමාණයක් ගෙවන්න සිදු වුනාද කියන එක. ඒ නිසා මැතිවරණයෙන් පසු අනිවාර්යෙන්ම සම්පත් නුවර ජාතික පාසලට සහ අනෙකුත් පාසල්වල ප්‍රයෝජනය උදෙසා බස් රථයක-ත් අරන් මම එනවාමයි.

දැන් මේ කාරණාව පිළිබඳ හිතල බලන්න. දැන් රට වටේ යනකොට පාසල්වල අඩුපාඩුකම් කියන්නේ මට. බලයක් නැති විපක්ෂ නායකට. අධ්‍යාපන ඇමතිට කියන්නේ නැහැ. ඇයි රටත් බංකොලොත් අධ්‍යාපන අමාත්‍යාංශයත් බංකොලොත් නිසා කිව්වට වැඩක් නැහැ. වැඩේ කෙරෙන්නේ නැහැ. රට වටේම රෝහල්වල ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකට. ඇයි ඒ අය දන්නවා වැඩක් කිව්වොත් වැඩේ කෙරෙනවා කියලා.

අපිට මේ වැඩ සඳහා රජයේ සල්ලි ලැබෙන්නේ නැහැ. බදු ගෙවන්නන්ගේ සල්ලි ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම ආඩම්බරයෙන් කියන්න කැමතියි 75 වසරක මේ රටේ ඉතිහාසය තුළ බලයක් නොමැතිව ජනතාවට රටට සේවය කළ එකම විපක්ෂය දේශපාලන බලවේගය සමගි ජන බලවේගයයි.

රජයේ පාසල් 70කට ලක්ෂ 3442ක් වටින් බස් රථ දුන්නා. රෝහල් 56කට ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරණ බෙහෙත් හේත් දුන්නා. රජයේ පාසල් 22කට ලක්ෂ 178ක් වටිනා පරිගණක, ස්මාර්ට් බෝඩ් ආදිය දුන්නා. ඒ නිසා මම බස් රථය පරිත්‍යාගකිරීමෙන් නතර වෙන්නේ නැහැ. මේ වැලිඔය ප්‍රදේශයේ තිබෙන ප්‍රධාන රෝහලට අත්‍යාවශ්‍ය ජීවිත බේරා ගන්න හැකි වෛද්‍ය උපකරණ තොගයකුත් දෙනවා.

දැන් සමහර පිරිසක් රට වටේ කිය කිය යනවා සජිත් ප්‍රේමදාස දන්නේ බෙදන්න විතරක් කියලා. ඔව් ඒක ඇත්ත. මම කැමතියි. මම බෙදන්නේ මේ රටේ ජනතාවට. මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට. මම බෙදාගන්නේ මගේ සාක්කුවට නෙවෙයි. මගේ පවුලට නෙවෙයි. මගේ පවුලේ සාමාජිකයන්ට ඒ අයගේ සුබ සිද්ධිය උදෙසා නොවේ. බස් රථයක් දෙන්නේ මේ රටේ රජයෙ පාසල්වල. රොහල් කට්ටල දුන්නේ මේ රටේ රජයේ රෝහල්වලට.

වැඩ බැරි කුහකයේ වැඩ කරන්න බැරි හිතන්න බැරි කුහක පිරිස් බස්වලින් සෙනග ගෙනවිත් ලොකුවට කයිවාරු ගහලා ජනතාව නොමග යවලා මිනිසුන්ගේ හිත් විකෘති කරලා උනුත් එකයි මුනුත් එකයි අපි තමයි හොඳ කියලා ඡන්දේ බා ගන්න හදනවා. මම අහන්න කැමතියි. තමුන්නාන්සේලා ඔය ලොකු ලොකු දේශපාලනඥයෝ කීයක් දැක තිබෙනවාද? ඡන්දෙ කාලේ ඒ අයගේ බස්වල තමන්ගේ නමයි ලාංඡනයයි ස්ටිකර් කරපු අය. දේශපාලන ව්‍යාපාරයට බස් එක ස්ටිකර් කර ගන්න හොඳයි හැබැයි දූදරුවන්ගේ ප්‍රයෝජනයට බස් එකක් දෙනකොට මට බස් මෑන්ලු. හොදට මතක තියා ගන්න මම බස් මෑන් විතරක් නෙවෙයි මම හොස්පිට්ල් මෑන්, කම්පියුටර් ප්‍රින්ටර් මෑන්, ස්මාර්ට් බෝඩ් මෑන්. ඒ නිසා මතක තියා ගන්න මේ දේවල් හැම දෙයක්ම දෙන්නේ ඥාති සංග්‍රහට නොවෙයි. මගේ ඥාතීන් තමයි මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාව. ඒ ඥාතීන් වෙනුවෙන් තමයි සජිත් ප්‍රේමදාස බෙදන්නේ කියලා ආඩම්බරයෙන් කියනවා.

විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම කියනවා. මේක මැතිවරණයක් පවතින වෙලාවක්. පෙර පාසල් දරුවා වුනත් ඒක දන්නවා. ඒත් රටේ ජනාධිපති දන්නෑ මැතිවරණයක් නෑලු. මැතිවරණයට සල්ලි දෙන්න බෑලු. සල්ලි වෙන් කරන්න මැතිවරණයක් නෑලු. මැතිවරණයක් නෑ කියලා සල්ලිත් නෑ කියලා එයාගේ පක්ෂේ අයට කියනවා මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා දෙන්නලු. ඇප දෙන්නලු. එතකොට යූඇන්පී එක ගිහින් ඇප බදිනකොට වර්තමාන ජනාධිපති දන්නැද්ද ඒක. දැන් කියනවා කතාවක් විපක්ෂයේ සමහරු කිව්වලු අපි මැතිවරණයට බයයි ඒ නිසා මැතිවරණය නවත්වන්න කියලා. අපි දන්නවා. මැතිවරණය නවත්වන්න ඕන ජනාධිපතිවරයාට අගමැතිවරයාට රට විනාශ කළ අලි කපුටු පොහොට්ටු හවුලට විතරයි. ඒ නිසා හැමෝම දැන ගන්න මැතිවරණයක් ඕන කියලා මැතිවරණයක් තියන්න කියලා රට වටේ යන එකම පක්ෂය සමගි ජන බලවේගයේ අපි විතරයි.

නමුත් ජනාධිපතිවරයා දිනෙන් දින බොරු කියනවා. රට රවට්ටනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩේ අද හොට හරියනවා කියලා බොරු කියනවා. ඒත් ඒ ආයතන කියනවා වැඩේ හරි නැ කියලා. මෙහෙන ටොම් පච කියලා මිනිසුන් අනාථ කරලා රටක් ඉදිරියට ගෙනි යන්න පුළුවන්ද?

විදුලි බිල සියයට 250කින් වැඩි කරලා. ගෑස් මිල පෙට්‍රල් මිල වැඩි කරලා බදු පිට බදු ගහනවා. මිනිසුන්ට ජීවත් වෙන්න බැහැ. මිනිසුන්ට මේ ජීවන බර උහුලන්න බැහැ. මොවුන්ට හිතක් පපුවක් නැහැ. ඒ නිසා කාලය එළඹිලා පොදු ජන යුගයක් බිහි කරන්න.

@Media Unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?