Latest

විශ්‍රාම  වැටුප් ක්‍රමය වෙනසකට

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට ඔවුන්ගේ විශ්‍රාම දිවිය සඳහා යම් ප්‍රතිලාභයක් සමග විශ්‍රාම  වැටුපක් ලබා දීමේ අරමුණින්, ස්ථාපිත කිරීමට නියමිත  දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදල සඳහා වන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීමට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාව සඳහා අනුමැතිය හිමිව ඇත.

ඉදිරියේ දී බඳවා ගනු ලබන රාජ්‍ය සේවකයන් සඳහා මෙම යෝජිත  දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සෘජුවම අදාල වේ.

මෙහි මූලික අරමුණ වී ඇත්තේ විශ්‍රාමිකයා රටට බරක් නොවී ඔහුගේ විශ්‍රාම දිවිය ගත කිරීමට සුදුසු පරිසරයක් සකස් කිරීමයි.

ඒ අනුව රාජ්‍ය සේවකයෙකු සේවයට බැඳීමෙන් අනතුරුව ඔහුගේ මූලික වැටුපෙන් 8% ක මුදලක් සහ සේවායෝජකයාගේ දායකත්වය වශයෙන් සියයට 12ක් මාසිකව යෝජිත අරමුදලට බැර කළ යුතුව ඇත.

2016 ජනවාරි මාසයෙන් පසුව රාජ සේවයට බඳවා ගන්නා ලද සේවකයන්ගේ  පත්වීම් ලිපි වල ඇතුළත් වන පරිදි, රජය විසින් තීරණය කරනු ලබන විශ්‍රාම වැටුප් ක්‍රමයකට යටත් විය යුතු බවට වන විධිවිධාන මත  ඔවුන්ගේ අභිමතය පරිදි යෝජිත දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය හා සම්බන්ධ වීමට ඔවුන්ට ද හැකියාව පවතී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?