Latestදේශීය

රනිල් වික්‍රමසිංහ කවටයෙක් හෝ නිවටයෙක් නොවේ

ඔහු නිර්ලජ්ජිත මහලු කපටි වියරු වෘකයෙකි.
ඔහු එකවිට ප්‍රවෘත්ති දෙකක් නිර්මාණය කර ඇත. ශිෂ්‍ය භික්ෂූන්ට හා ශිෂ්‍ය ක්‍රියාදරයින්ට ලේ වැගිරීමට පහර දීමට නියෝගදුන් ඔහු ජාතික විකට මඩුවේ විකටයෙකු සේ හැසිරී ශිෂ්‍යයන්ගේ ලේ පැල්ලම් වසා දමයි.

එපමණක් නොව විකට රූපී විපක්ෂ දේශපාකයන් හාස්‍යට ලක් කරයි.
රට ජාතිය විකුණා සිල්‍ රෙදි හැද සිල් රෙද්දෙන් හා බඩගෝත්‍රවාදී සිවුරු කාරයන්ගේ සිවුරෙන් රාජපක්ෂ රෙජිමය ලේ පැල්ලම් වසන්නා සේ අලුගෝසු බටලන්දේ රනිල් කවට කමෙන් ලේ පැල්ලම් වසා දමයි

ලංකාව තාමත් ගෝත්‍රික රාජ්‍යකි. මෙහි වැඩිපුර ඇත්තේ වැඩවසම් ලක්ෂණය.

බටහිර රටවල ජනයා දේශපාලන විංඥානය ලැබීමත් සමඟ වැඩවසම් සමාජ ක්‍රමය බිද දැමීමත් නිසා බටහිර වැඩවසම් සමාජය අහෝසි වී නව ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය පාලන උපක්‍රය ලෙස නිර්මාණය විය.

නමුත් ලංකාවේ ජනයා සියලු පීඩාවන් දෙවියන්ගේ කැමැත්ත ලෙස විද දරාගනු දැකිය හැකියි.
බට හිර රටවල මෙන් නිදහස් කලාකරුවන් , නිදහස් මාධ්‍ය වේදීන්, නිදහස් චින්තයින් මෙහි නැත ඇත්තේ බඩ ගෝත්‍රවාදීන්‍ය. මේ කිසිවක් ප්‍රශ්න කරණු ලබන ස්වාධීන ජනතාවක් රට තුළ නොමැත. ඇත්තේ කුමන හෝ නඩයක වහලුන්‍යය් වේ.

මහින්දලාගේ මොඩලයෙන් මේ චෞර දේශපාලන ක්‍රමය තවදුරටත් පවත්වා ගැනීම අසීරු වූ කල ඔවුන් වෙනත් මොඩලයක් ඒ සදහා යොදාගන ඇත ඒ මොඩලය දැන් අපුරුවට ක්‍රියාත්මක වෙමින් පවතී.

නමුත් සැබෑ ඇත්ත වන්නේ පාලකයන් උපක්‍රමශිලීව ජනතාව රවටා මේ චෞර ක්‍රමය තවදුරටත් ඉදිරියට ඇදගන යාමයි.

බලයට එන්න පොරකන බලවේගයන්ටද ජනතාව සවිංඥානිකකර අරගලයට ගෙන ඒමේ ඇවශ්‍යතාවක් නැත. ඔවුන්ගේ උපක්‍රම වන්නේ ජනතාව රවටා බලය තහවුරු කිරීම පමණි.

රැසියාව, චීනය වැනි රටවල දූෂිත පාලකයන් එලවාදැමීමට ජනතාව පෙළගැස්සූ නායකින් තම කෙරුවාව කිය කියා රට පුරා ගියේ නැත. ඔවුන් රට පුරා දේශන කළේ ජනතාව තුළ දේශපාලන සවිංඥානික බව ඇතිකර පාලකයන්ට එරෙහි ජන පෙළගැස්මක් ගොඩ නැගීමටය.

ලංකාව තුළ එවැනි ලක්ෂණ දැකිය නොහැක..
මෙහි ඇති භයානකම තත්ත්වය පීඩාවට පත් ජනතාවට විශේෂයෙන්ම තරුණයන්ට නිසි නායකත්වයක් නොමැතිවිට ඔවුන්ගේ පීඩාව එළිදකින්නේ ප්‍රචන්ඩත්වය මඟිනි.පාලකයින්ට ඇවැසිව ඇත්තේද එයමය.එවිට මර්ධනය පහසුය. මා දකින්නේ විපක්ෂ කණ්ඩායම්ද ඊට උඩගෙඩි සපයන ආකාරයකි

R.M රත්නායක
උප සභාපති,
දිස්ත්‍රික් ලේකම්, කුරුණෑගල,
ලංකා ගුරු සංගමය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?