Latestදේශීය

හදිසියේම විශේෂ කැබිනට් හමුවක්

රාජ්‍ය ආයතන වල ගිණුම් හදිසි අවශ්‍යතාවයකදී කටයුතු කළ හැකි පරිදි පුද්ගලික බැංකුවල ද විවෘත කර පවත්වාගෙන යෑම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අද පැවති විශේෂ කැබිනට් හමුවකදී මෙම තීරණය ගෙන ඇති බව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එහිදී මුදල් අමාත්‍යංශය පූර්ව අනුමැතියක් සහිතව මෙම කටයුත්තට අනුමැතිය ලබා දිය යුතු බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී.

එම කැබිනට් හමුවකදී අමාත්‍යවරුන් විසින් ජනාධිපතිතුමා වෙත පෙන්වා දී ඇත්තේ රාජ්‍ය බැංකු කාර්ය මණ්ඩල අකුරට වැඩ කිරීම, වැඩ වර්ජනය කිරීම ආදී ක්‍රියාමාර්ග වලට යොමු වීම නිසා පොදු මහජන සේවා පවත්වාගෙන යෑම විශාල ගැටලුකාරී තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බවය. 

එසේම ඛනිජ තෙල් මිලදී ගැනීම, ගෑස් මිල දී ගැනීම, ඖෂධ මිලදී ගැනීම වැනි ඉතාමත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නියමිත වේලාවට ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුවහොත් ජන ජීවිත ඉතාමත් ව්‍යසනකාරී තත්ත්වයකට පත්වනු ඇති බවද අමාත්‍යවරුන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?