Latestදේශීය

ටින් මාළුවල ප්‍රමිතිය පරීක්ෂාවට

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසන්නේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ඇතැම් ටින් මාළුවල SLS ප්‍රමිති ලාංඡනය නොමැති බවට විවිධ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය වී ඇති බවයි.

SLS ප්‍රමිති ලංඡනය නොමැති දේශීයව නිෂ්පාදිත ටින් මාළු සම්බන්ධයෙන් පැමිණිලි හෝ තොරතුරු ඇත්නම් පාරිභෝගික කටයුතු අධිකාරියට යොමුකළ හැකිය.

 SLS ලංඡනය ලබාදී ඇති ටින් මාළුවල ප්‍රමිතිය පිළිබඳ ගැටළු පවතී නම්, එම පැමිණිලි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත සෘජුවම යොමු කළ හැකි බව එම ආයතනය පාරිභෝගිකයන්ට දැනුම් දී ඇත.

SLS සහතිකය නිකුත් කළ ටින් මාළු වෙළෙඳනාම සහ අදාළ නිෂ්පාදකයින් පිළිබඳව තොරතුරු පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත අඛණ්ඩව දැනුම්දෙන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසනවා.

එම ආයතනය නිවේදනය කරන්නේ මේ වනවිට දේශීය ටින් මාළු නිෂ්පාදන ආයතන 14කට අයත් වෙළෙඳ නාම 37ක් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය නිකුත් කර ඇති බවයි.

මීට අමතරව ආනයනික ටින් මාළු ද දේශීය වෙළෙඳපොලේ පවතින අතර නිෂ්පාදිත රට, ලේබලයේ සඳහන් කර ඇති හෙයින් ආනයනික ටින් මාළු පහසුවෙන් හඳුනාගත හැකි බවද ආනයනික ටින් මාළු සඳහා SLS ලාංඡනය අනිවාර්ය නොවුනත්  ද එම ආනයනික ටින් මාළු වරාය රේගු නිෂ්කාශනයට පෙර, නිසි ගුණාත්මක ප්‍රමිතිය යටතේ ඇත්දැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් විද්‍යාගාර පරීක්ෂාවකට යොමු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?