Latestදේශීය

අද කොළඹ වටලන අන්තරය

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද(07) දින දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. කොළඹදී පැවැත්වීමට නියමිත මෙම විරෝධතා ව්‍යාපාරය සදහා ප්‍රගතිශීලී බලවේග විශාල සංඛ්‍යාවක් අත්වැල් බැදගන්නට එකගතාවය පල කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසනවා.

ජනතාව ඉල්ලා සිටියේ ක්‍රම වෙනසක් මිසක් හුදු පුද්ගලයෙක් එලවාදැමීමක් නොවන බව පැවසූ වසන්ත මුදලිගේ මහතා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරගැනීමට බාධා පමුණුවන රනිල් වික්‍රමසිංහ පාලනය පන්නා දැමීමට අවශ්‍යබව ද පවසනවා. ඒ සදහා ක්ෂණිකව මැතිවරණයක් දිනා ගැනීම මෙන්ම ජනතාගේ සල්ලි හොරා කෑ දේශපාලනඥයින්ගෙන් මෙන්ම කූට ව්‍යාපාරිකයින්ගෙන් ද එම මුදල නැවත ජනතාවට පවරා ගැනීමට කටයුතු කළ යුතු බව මුදලිගේ මහතා වැඩිදුරටත් පවසනවා.

ජනතාවට ආර්ථික යුක්තිය හිමිවන ඇත්ත ක්‍රම වෙනසක් අවශ්‍ය බව පවසන වසන්ත මුදලිගේ මහතා ඒ ජයග්‍රහණ ලබා ගැනීමෙන් මෙපිට මෙම අඛණ්ඩ සටන අත් නොහරින බවද පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?