Latestදේශීය

ඉන්ධන මිල ඉහළට

සියලුම ඉන්ධන වර්ගවල මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා තිබේ.

ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 13කින්ද පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 42කින්දද ඉහළ දමා ඇත.

එමෙන්ම සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 35කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින්ද ඉහළ දම තිබේ.

මේ අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා ඇත.

එම මිල ඉහළ දැමීත් සමඟ රුපියල් 348ක පැවති පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 361ක්ද රුපියල් 375ක්ව පැවති පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 417ක්ද වනු ඇත.

එමෙන්ම රුපියල් 306ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 341ක්ද රුපියල් 358ක පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 359ක්ද වනු ඇත.

මේ අතර රුපියල් 226ක්ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 231 දක්වා ඉහළ යනු ඇත.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධනහල් විදේශීය සමාගම්වලට පැවරීමේ අවස්ථාවේදී විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පැවසූවේ ප්‍රතිව්‍යූහගත කරන වැඩසටහන යටතේ මෙලෙස ඉන්ධනහල් පුද්ලගී කරණය කිරිමෙන් ඇතිවන තරඟකාරීත්වය මත ජනතාවට ඉතාම අඩු මුදලට ඉන්ධනල ලබා ගත හැකි වනු ඇති බවය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?